පාර්ලිමේන්තුවේ ආසන පැනවීමේ වෙනසක්

https://www.sathhanda.com/2015/09/parliament-seating-sri-lanka.html
අද පාර්ලිමේන්තුව නැවත රැස් වුනා. ආණ්ඩුව නියෝජනය කරන මන්තී‍්‍රවරුන් පිරිසකට විපක්ෂයේ පසුපෙළ ආසන වෙන්කර තිබෙනවා.
එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් පාර්ලිමේන්තුවට තේරී පත්ව ජාතික ආණ්ඩුව සමග එක් වූ නිමල් සිරිපාල ද සිල්වා, එස්.බී. දිසානායක, ඩබ්ලිව්.ඞී.ජේ. සෙනෙවිරත්න සහ මහින්ද සමරසිංහට ආණ්ඩු පක්ෂයේ ඉදිරිපෙළ අසුන් හිමිවනු ඇති.
විපක්ෂ නායක ආර්. සම්බන්ධන්ට පාර්ලිමේන්තුවේ හිමිව ඇති ආසනයට දකුණු පසින් පිහිටි ආසනය හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට ලබාදී තිබෙනවා.
අමාත්‍ය පාඨලී චම්පික රණවකටද පාර්ලිමේන්තුවේ ඉදිරිපෙළ අසුනක් වෙන්කර තිබෙනවා. එහෙත් එම අසුන පූජ්‍ය අතුරලියේ රතන හිමියන්ට ලබාදෙන්නැයි පාඨලි චම්පික රණවක ඉල්ලීමක් කර ඇති බවයි වාර්තා වුණේ.
ඊට දකුණු පසින් පිහිටි ආසනය වෙන්කර ඇත්තේ හිටපු කථානායක චමල් රාජපක්ෂ ටයි.
Related