අයිසේ වාඩිවෙනවා, වඳුරෝ වගේ හැසිරෙන්න එපා - රනිල්ගේ යහපාලන බාසාව [VIDEO]

විපක්ෂ නායක තනතුරට ද්‍රවිඩ ජාතික සන්ධාන නායක ආර්. සම්බන්ධන් පත් කිරීමෙන් පසු ඒ සම්බන්දයෙන් පාර්ලිමේන්තුව තුළ උණුසුම් වාතාවරණයක් ඇති විය. ...

විපක්ෂ නායක තනතුරට ද්‍රවිඩ ජාතික සන්ධාන නායක ආර්. සම්බන්ධන් පත් කිරීමෙන් පසු ඒ සම්බන්දයෙන් පාර්ලිමේන්තුව තුළ උණුසුම් වාතාවරණයක් ඇති විය.

කුමාර වෙල්ගම විපක්ෂනායක ලෙස පත්කරන්නැයි ඉල්ලා මන්ත්‍රීවරුන් 56ගේ අත්සනින් ලිපියක් බාරදුන් බවත් එසේ තිබිය දී මෙම පත් මෙම පත්කිරීමේ වලංගුතාවය ගැටළුකාරී වාතාවරණයක් පවතින බවත් විමල් වීරවංශ එහි දී ප්‍රකාශ කළේ ය.

එයට පිළිතුරු ලෙස කථානායක කරූ ජයසූරිය කියා සිටියේ තමන්ට එවැනි ලිපියක් ලැබී නැති බව යි.

ඒ මොහොතේ අදහස් දැක්වූ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පැවසුවේ විපක්ෂ නායක ලෙස ආර්.සම්බන්ධන් තෝරා‍ෙගන ඇති බවට කථානායකවරයා මතය ඉදිරිපත් කර අවසන් බව යි.

එය පිළිගැනීමට සියලුදෙනා බැඳී සිටින බවත්, ඔහුගේ පත්කිරීමට දැන් විරුද්ධ වී ඵලක් නැති බවත්, ඊයේ පොළොන්නරුවට ගිය අවස්ථාවේ ජනාධිපතිවරයා සමග ඒ ගැන කතා කරන්නට තිබූ බවද අග්‍රාමාත්‍යවරයා පැවසුවේ ය.

එහි දී විපක්ෂයේ මන්ත්‍රීවරු කෑ කෝ ගසමින් හැසිරුණු අතර එවිට අගමැතිවරයා කියා සිටියේ “වාඩිවෙනවා අයිසේ! මීට කලින් පාර්ලිමේන්තුව වගේ මේක ගෙනියන්න දෙන්න බෑ! වඳුරෝ වගේ හැසිරෙන්න එපා!” යනුවෙනි.

වීඩියෝව පහතින් නරඹන්න.




මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 8061923904998711964

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item