සමන්ත විද්‍යාරත්න FCID කැඳවයි

ඌව පළාත් සභා මන්ත්‍රී අනුර විදාන ගමගේ මහතා මූල්‍ය අපරාධයක් සිදුකළැයි පවසමින් ඌව පළාත් සභා ජ.වි.පෙ. මන්ත්‍රී සමන්ත විද්‍යාරත්න මහතා කළ පැමිණ...

ඌව පළාත් සභා මන්ත්‍රී අනුර විදාන ගමගේ මහතා මූල්‍ය අපරාධයක් සිදුකළැයි පවසමින් ඌව පළාත් සභා ජ.වි.පෙ. මන්ත්‍රී සමන්ත විද්‍යාරත්න මහතා කළ පැමිණිල්ලකට අනුව ඒ පිළිබඳව වැඩිදුර තොරතුරු ලබාගැනීමට විද්‍යාරත්න මහතා හෙට (04දා) පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසයට කැඳවා තිබේ.

ඌව පළාත් සභා මන්ත්‍රීවරයා විසින් මහියංගණ නගරයේ ඉඩම් ලබාදීමේදී සහ කඩකාමර ලබාදීමේදී වංචා සිදුකළ බව පවසමින් මීට මාස දෙකකට පෙර සමන්ත විද්‍යාරත්න මහතා පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසයට පැමිණිලි කර ඇත.

එම පැමිණිලි විභාග කිරීම සඳහා අවශ්‍ය වැඩිදුර තොරතුරු සටහන් කර ගැනීම සඳහා පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසයට සමන්ත විද්‍යාරත්න මහතා මෙසේ කැඳවා ඇත.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 5186854389317599890

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item