එකට සිටි කෙනෙක් ගැන සැකයි - සේයා සදෙව්මිගේ පියාගෙන් හෝඩුවාවක්

ගමේ තමන් සමග එකට සිටිතමාගේ මිතුරෙකු සහ තව පිරිසක්  මෙම අපරාධයට සම්බන්ධ ඇතැයි තමන් විශ්වාස කරන බව දූෂ්‍ය කොට කෲර ලෙස ඝාතනයට ලක්වූ කොටදෙණිය...

ගමේ තමන් සමග එකට සිටිතමාගේ මිතුරෙකු සහ තව පිරිසක්  මෙම අපරාධයට සම්බන්ධ ඇතැයි තමන් විශ්වාස කරන බව දූෂ්‍ය කොට කෲර ලෙස ඝාතනයට ලක්වූ කොටදෙණියාව සේයා සදෙව්මි දැරියගේ පියා වන උපුල් නිශාන්ත මහතා පවසයි.

එසේම තනි පුද්ගලයෙකු නොව ඊට වඩා වැඩි පිරිසක් ඊට සම්බන්ධ වන්නට ඇතැයි තමන් සැකකරන බවද හෙතෙම කියා සිටියේ අද (17) තම දැරියගේ හත් දවසේ දානය පැවැත්වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

සිද්ධිය සම්බන්ධයෙන් දෙදෙනෙකු මේවන විට අත්අඩංගුවට ගෙන ඇතැයි තමන්ට දැනගන්නට හැකිවී ඇති බවත්, ඒ පහළින් ඇති අසළ ගෙදරක අයෙකු හා ගෙවල් කිහිපයකට එහායින් ඇති කෙනෙකු බවත්, ඒ අයටත් දරුවන් සිටින බැවින් තමන් ඒ පිළිබඳ වැඩිදුර කිසිවක් ප්‍රකාශ නොකරන බවත් ඔහු සඳහන් කළේය.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 1104297249189305969

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item