ඉන්දුනීසියාවේ අනවසර ගිනිතැබීම් සහ ලැවූ ගිනි දුමාරය සිංගප්පුරුව, ඉන්දුනීසියාව සහ මැලේසියාව ගිලගනී
ඉන්දුනීසියාවේ ෆාම් තෙල් නිෂ්පාදනය සහ ෆාම් වගාවට සමගාමීව වාර්ෂිකව ඇති වන අනවසර ගිනිතැබීම් සහ ලැව්ගිනි නිසා ඇතිවන දුමාරය මලයාසියාව, සිංගප්පූර...

https://www.sathhanda.com/2015/09/singapore-haze-2015.html
ඉන්දුනීසියාවේ ෆාම් තෙල් නිෂ්පාදනය සහ ෆාම් වගාවට සමගාමීව වාර්ෂිකව ඇති වන අනවසර ගිනිතැබීම් සහ ලැව්ගිනි නිසා ඇතිවන දුමාරය මලයාසියාව, සිංගප්පූරුව ඇතුළු අග්නිදිග ආසියානු රටවල් රැසකට බලපා ඇති බව වාර්තා වනවා. මේ හේතුවෙන් මලයාසියාවේ ක්වාලාලාම්පූර් අගනුවර ඇතුළු ප්‍රදේශ රැසක පාසල් අද දිනයේ වසා දැමීමට සිදුවූ බවයි මලයාසියානු බලධාරීන් ප්‍රකාශ කළේ.
මේ අතර, සුමාත්‍රා සහ කලිමන්තාන් ප්‍රදේශවල ලැව් ගිනි මැඩලීම සඳහා පොලීසිය සහ හමුදා යෙදවීමට ඉන්දුනීසියානු ජනාධිපති ජෝකෝ විඩෝඩෝ උපදෙස් දුන්නා. ලැව් ගිනි දහසක් පමණ ඇවිලෙන සුමාත්‍රාවේ හදිසි තත්ත්වයක් ද ප්‍රකාශයට පත් කර තිබෙනවා. ලැව් ගිනි නිවීම සඳහා ගුවන් යානා ද උපයෝගී කර ගැනෙන අතර, ඒවා මුළුමනින්ම පාලනය කිරීමට තවත් සති 3ක් පමණ ගත වනු ඇති බව සඳහන්.
අදවන විට සිංගප්පුරුවේ PSI (Pollutant Standards Index) දර්ශකට 250 ද ඉක්මවා තිබු අතර එය පසුගිය වසරේ මේ හේතුව නිසාවෙන් 350ත් ඉක්මවා ගොස් තිබුණි. PSI දර්ශකය 200 ඉමවා යාම ඉතාමත් අහිතකර ලෙස දැක්වෙන අතර 300 ඉක්මවූ විට අතිශය දරුණු තත්වයක් ලෙස සැලකේ.

Related