යුරෝපා නිලධාරීන්ගේ නිරීක්ෂණයට පෙර ධීවර වරායන් ශ්රමදාන මගින් සුද්ද කරයි - අපනයන තහනම ඉවත්කර ගැනීමට වැඩ

යුරෝපා කොමිසමේ නියෝජිත කණ්ඩායම ශ්‍රී ලංකාවට පැමිණීමට පෙර  මෙම මස 16 වන දින සිට ධීවර වරායන් වල ශ්‍රමදාන වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට ධීව...

යුරෝපා කොමිසමේ නියෝජිත කණ්ඩායම ශ්‍රී ලංකාවට පැමිණීමට පෙර  මෙම මස 16 වන දින සිට ධීවර වරායන් වල ශ්‍රමදාන වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව විසින් කටයුතු සූදානම් කර ඇත. ගාල්ල, දෙවිනුවර, මිරිස්ස, බේරුවල, මීගමුව ආදී ධීවර වරායන් වල ධීවර අමාත්‍යාංශය යටතේ ඇති ආයතනවල නිලධාරීන් හා ධීවර ක්ෂේත්‍රයට අදාළ සියළුම පාර්ශවයන් සහභාගී කර මෙම වැඩසටහන ක්‍රියාත්මක කරන බව ධීවර හා ජලජ සම්පත් සංවර්ධන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ක්‍රිස්ටි ලාල් ප්‍රනාන්දු මහතා සඳහන් කර සිටියි. 

යුරෝපා මත්ස්‍ය අපනයන තහනම හේතුවෙන් ධීවර අමාත්‍යංශය විසින් ක්‍රියාත්මක කිරීමට නියමිත ක්‍රියාකාරකම්වල ප්‍රගතිය නිරීක්ෂණය කිරීමට යුරෝපා කොමිසමේ තාක්ෂණික නියෝජිත කණ්ඩායමක් ලබන මස පළමු සතියේ දිවයිනට පැමිණීමට නියමිත අතර, ඔවුන් ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය මහින්ද අමරවීර හමුවී සාකච්ඡා කිරීමට නියමිතව ඇත.

එම කණ්ඩායම ධීවර ක්ෂේත්‍රයේ තාක්ෂණික ක්‍රියාකාරකම් වල ප්‍රගතිය පිළිබඳ සාකච්ඡාවක් ධීවර අමාත්‍යාංශ ලේකම්, ඩබ්. එම්. එම්. ආර්. අධිකාරී මහත්මිය ඇතුළුව ධීවර දෙපාර්තමේන්තුව, ශ්‍රී කාවේ යුරෝපා කොමිසම් කාර්යාලය, ලංකා ධීවර වරාය නීතිගත සංස්ථාව, ලංකා ධීවර සංස්ථාව, හා වාණිජ දෙපාර්තමේන්තුවද සහභාගීත්වයෙන් පවත්වනු ඇත. 

දෙපාර්ශවය අතර පැවැත්වෙන තාක්ෂණික සාකච්ඡා වලට අමතරව ක්ෂේත්‍ර චාරිකා වලට සහභාගිවීමටද නියෝජිත පිරිස අදහස් කරයි. නිරීක්ෂණයට ලක්වන ආයතන අතර, ධීවර යාත්‍රා නිරීක්ෂණ මධ්‍යස්ථානය, බේරුවල ධීවර වරාය ඇතුළු තෝරාගත් ධීවර වරාය කිහිපයක් ඇත.

පසුව එම නියෝජිත පිරිසඅගමැති රනිල් වික්‍රමසිංහ මහතා සමගද සාකච්ඡා කිරීමට නියමිතය.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 8441069846472179047

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item