ජාත්‍යන්තර පරීක්ෂණයක් එපා! - චන්ද්‍රකාන්තන් (පිල්ලෙයාන්)

යුද අපරාධ චෝදනා ගැන ජාත්‍යන්තර පරීක්ෂණයක් අවශ්‍ය නැති බව ටී.එම්.වී.පී නායක, නැගෙනහිර පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය මෙන්ම එහි වත්මන් පළාත් සභා...

යුද අපරාධ චෝදනා ගැන ජාත්‍යන්තර පරීක්ෂණයක් අවශ්‍ය නැති බව ටී.එම්.වී.පී නායක, නැගෙනහිර පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය මෙන්ම එහි වත්මන් පළාත් සභා මන්ත්‍රී සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන් කියයි.

මඩකළපුව පක්ෂ කාර්යාලයේදී අද මාධ්‍ය හමුවක් පවත්වමින් ඔහු මේ බව කියා සිටියේය.

යුධ අපරාධ චෝදනා ගැන ජාත්‍යන්තර පරීක්ෂණයක් අනවශ්‍යයි යන්න සිය පක්ෂයේ ස්ථාවරය බව ද ඔහු එහිදී කියා සිටියේය.

යුධ හමුදාවට පමණක් චෝදනා නැඟීම සධාරණ නැති බවද, එල්.ටී.ටී.ඊය ගොඩාක් අපරාධ කළ බවද හෙතෙම පෙන්වාදුන්නේය. 

මේ අතර පවත්නා වාතාවරණය යටතේ එක්සත් ජනතා නිදහස් සන්ධානය සමග තවදුරටත් වැඩ කිරීමට නොහැකි තත්ත්වයක් පෙන්නුම් කරන බවද ඔහු පැවසීය.

මේ ගැන පැහැදිලි කර ගැනීම සඳහා සන්ධානයට ලිපියක් යැවූ බවත්, ඊට මෙතෙක් ප්‍රතිචාරයක් ලැබී නැති බවත්, හෙතෙම කියා සිටියේය.

සන්ධානයේ ප්‍රතිචාරය කෙසේ වුවද මීළඟ ප්‍රාදේශීය සභා මැතිවරණයට සිය පක්ෂය බෝට්ටුව ලකුණින් තරඟ කරන බවද ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේය.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 6775065653394721200

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item