මනමාළියක්‌ වෙන්න දින තීරණය කළා - චතුරිකා පීරිස් කියයි

ප්‍රශ්න ඉවරකරගෙන ගයාන් - චතුරිකා මාධ්‍යයට කතා කරයි මහරජ අජාසත්තට ලැබෙන ප්‍රතිචාර එහෙම කොහොමද ගයාන්? හොඳ ප්‍රතිචාර ලැබෙනවා. විශේෂයෙන් ක්...

ප්‍රශ්න ඉවරකරගෙන ගයාන් - චතුරිකා මාධ්‍යයට කතා කරයි

මහරජ අජාසත්තට ලැබෙන ප්‍රතිචාර එහෙම කොහොමද ගයාන්?
හොඳ ප්‍රතිචාර ලැබෙනවා. විශේෂයෙන් ක්‍ෂේත්‍රයේ වැඩකරන අපේ අය තුළ ගොඩක්‌ කතාබහටලක්‌වෙලා තියෙනවා.

චතුරිකාට මොකද හිතෙන්නේ ගයාන්ගේ සිනමා හැකියාව ගැන ?
මම චිත්‍රපටය දෙපාරක්‌ විතර නැරඹුවා. එතැනදී ගයාන් මුළු චිත්‍රපටයම තමන්ගේ අණසකට යටත් කරගෙන තියෙනවා. ඒ චිත්‍රපටය බලපු ප්‍රවීණ රංගන ශීල්පීන් කිහිපදෙනෙක්‌ම ගයාන්ගේ රංගන හැකියාව ගැන මාත් සමග කතාබහ කළා. මම හිතන්නේ මේ කාලයේ ගයාන්ගේ හොඳ රංගන හැකියාවන් අපිට දැකබලා ගන්න පුළුවන්.

වැඩිපුර ජනප්‍රිය ගයාන් නේද?
එහෙම නම් මම ගොඩක්‌ සන්තෝසයි.

පෙම්වතාගෙන් මිදිලා දුෂ්ටයා වෙන්න ලැබීම ගැන ගයාන් මොකද හිතන්නේ ? 
ඇත්තටම ඒක දුෂ්ඨයා නෙමෙයි. මම හිතන්නේ පෙම්වතා සහ දුෂ්ටයාට මැදිවුණ චරිතයක්‌ කියලා විතරයි. එහෙම බෙදාගන්නවාට වඩා මම දකින්නේ හොඳම දේ දුෂ්ට වීර චරිතයක්‌ විදිහටයි.

චරිතයට සාධාරණයක්‌ ඉටුකළා කියලා හිතනවාද? 
සියයට හැත්තෑපහක විතර සාධාරණයක්‌ ඉටුකළා කියලා හිතෙනවා. ඔයිට වඩා දේවල් අපිට කරන්න ලැබෙනවා, මේ ක්‍ෂේත්‍රය මීට වඩා දියුණු වුණා නම්.

චංචල රේඛා හි සිරිසේනට ලැබෙන ප්‍රතිචාර ? 
ඒ චරිතය ගැන ක්‍ෂේත්‍රයේ අය වගේම ප්‍රේක්‍ෂක ජනතාව විශාල අගය කිරීමක්‌ සිදුකරනවා. මට මේ චරිතයට වෙනදාටත් වඩා වැඩියෙන් අගය කිරීමක්‌ සිදුකරනවා. මට ඒක ගොඩක්‌ වටිනවා.

සිනමා සක්‌විති ගාමිණී ෆොන්සේකා රඟපෑ එම චරිතය ඔබ නරඹලා තියෙනවාද? 
ඔව්, මේ ටෙලිනාට්‍යය කරන්න බොහෝ කාලයකට ඉස්‌සර මම ඒ චිත්‍රපටය නරඹලා තියෙනවා.

සිනමා සක්‌විති ගාමිණී ෆොන්සේකා ඔබ අනුකරණය කරනවා නේද? 
ඇත්තටම කවුරු හරි එහෙම හිතනවා නම් හොඳයි. මොකද මම අනුකරණයක්‌ කළේ නැහැ. මගේ අතපය විසිරෙන විදිහ මගේ පෞරුෂත්වය කියන හැමදෙයක්‌ම එයට සමාන වෙන්න ඇති. අනුකරණය කරනවා කියන එක කරන්න හරි අමාරු දෙයක්‌. අනුකරණයක්‌ කළා නම් ඕක මම වෙන විදිහකට කරනවා. ආදර්ශයට ගන්නවා මිස අනුකරණයක්‌ ගයාන් වික්‍රමතිලක ළඟ නැහැ.

චතුරිකාගේ රංගන හැකියාව ගැන මොකද හිතන්නේ ?
මම නිතරම චතුරිකාට කියන දෙයක්‌ තමයි ලංකාවේ ටෙලිනාට්‍ය, සිනමා ක්‍ෂේත්‍රය තුළ මතක හිටින අයිකන් එකක්‌වීමේ අන්තිම පුරුක චතුරිකා කියලා. මාලනී, දිල්හානි, සංගීතා වගේ ආපු යුගයේ අවසාන පුරුක චතුරිකා කියලයි මට හැඟෙන්නේ.

චතුරිකා මෑතකාලයේ නිළි රැජන කියලද ඔය කියන්න හදන්නේ ? 
අනිවාර්යයෙන්ම. මම එහෙම හිතනවා. ඕනෑම කෙනෙකුට දක්‍ෂ රංගන හැකියාවක්‌ තියෙන්න ඕනෑ. ඒක ප්‍රේක්‍ෂකයන්ට දැනෙන ආකාරයක්‌ තියෙනවා. මම නවක පරපුරේ අයව අඩු තක්‌සේරුවට ලක්‌කරනවා නෙමෙයි. නමුත් ඔවුන් චතුරිකා වගේ කැපකිරීම් කළ යුතුයි.

චතුරිකා තරම් දක්‍ෂතා තියෙන නිළියෝ අද නැතිද?
දක්‍ෂතාවය තියෙන කට්‌ටිය ඉන්නවා. හැබැයි පරිපූර්ණ නැහැ. ඕනම රංගන ශිල්පියෙකුට, ශිල්පිණියකට රංගන පරාසයක්‌ තිබිය යුතුයි.

සමහරු නම් කියන්නේ ඔබ කුකුල් කේන්තිකාරයෙක්‌ කියලයි ? 
මම දිහා නපුරු විදිහට බලන කට්‌ටියට මම නපුරුයි. මම දිහා හොඳින් බලන කට්‌ටියට මම ගොඩක්‌ හොඳින්. මම වැරදි දේ වැරදි විදිහට දකිනවා. හරි දේ හරි විදිහට දකිනවා. අනික වැරැද්ද එවලේම හරිගස්‌සන චරිතයක්‌. ඒක පසුව හදන්න කියලා හිතේ තියාගන්න චරිතයක්‌ නෙමෙයි. මම හැමවෙලේම හිතට එකඟව වැඩකරන හින්දා වෙන්න ඇති හැමෝම හිතන්නේ මම කුකුල් කේන්තිකාරයෙක්‌ කියලා.

ගයාන් බාධක කඩාගෙන බිඳගෙන යන්න සූදානම් චරිතයක්‌? 
අනිවාර්යයෙන්ම. මට එහෙම බාධක නම් නැහැ. මම තමයි මේ ලෝකේ ඉන්න එකම පොර කියලා මානසිකත්වයකුත් නැහැ. මට වඩා දක්‍ෂයෝ ඉන්නවා. හැබැයි මම ඒ දක්‍ෂයෝ අතරේ එක්‌කෙනෙක්‌ කියලා විශ්වාස කරනවා.

චතුරිකා ඇත්තටම ගයාන් කුකුල් කේන්තිකාරයෙක්‌ද? 
මට නම් එහෙම හිතෙන්නේ නැහැ. මොකද හේතුව මගෙත් එක්‌ක මේ ජීවත් වෙච්ච කාලය ඊට හොඳම සාක්‍ෂිය. මුලදී නම් එහෙම තිබුණා. දැන් මට කේන්තිගියත් ගයාන්ට කේන්ති යන්නේ නැහැ. ඕනෑම දෙයක්‌ කාලයත් එක්‌ක, මිනිස්‌සුන්ගේ මානසික ඒකාග්‍රතාවත් එක්‌ක වෙනස්‌ වෙනවා.

ඔබට බණින්නේ නැතිද? 
ගයාන්ගේ වැරැද්දක්‌ දුටුවිට මම පෙන්වලා දෙනවා. මගේ වැරැද්දක්‌ දුටුවිට ගයාන් පෙන්වෙලා දෙනවා. ඒක දොස්‌ කීමක්‌ නෙමෙයි.

චතුරිකා දැන්ම මනාලියක්‌ වෙන්න අදහසක්‌ නැතිද?
අදහසක්‌ තියෙනවා. ඒ වෙනුවෙන් දින වකවානු නියම කරලයි තියෙන්නේ. තව ටික කාලයක්‌ තියෙනවා. ඒක හරියටම ළංවුණහම මාධ්‍යයට කියන්නම්.

අපිට නම් ආරංචිය ලබන වසරේ ජනවාරි කියලයි ? 
එච්චර කිට්‌ටු නැහැ. තව ටිකක්‌ එහාට යනවා. හරියටම දවස කියන්නම්, වෙලාව ආවහම.

දැන් වැඩිය නිර්මාණවලට දායක වෙන්නේ නැත්තේ ඇයි ?
අපි පසුගිය කාලයේ නිර්මාණ කිහිපයකට දායක වුණා. තවම ඒවා විකාශනය වුණේ නැහැ. පවතින ක්‍රමයත් එක්‌ක දැන් ඉන්න නිෂ්පාදකවරුන්ට ඒවා විකාශනය කරගැනීමේ අපහසුතා එහෙම තියෙනවානේ. ඉතිං අපිදෙන්නා එකතුවෙලාත් නිෂ්පාදන කටයුත්තක්‌ කළා. තවම විකාශනය වුණේ නැහැ. ඉදිරියට ටෙලිනාට්‍ය දෙකක විතර වැඩ භාරගෙන තියෙනවා. හැබැයි මෙගා ටෙලිනාට්‍ය කිහිපයකට කතා කළා. මම සහභාගි වුණේ නැහැ. මගේ නිෂ්පාදන කටයුතු එක්‌ක මෙගාවල වැඩකරන්න අමාරුයි.

මෙගාවලට කැමැති නැතිද? 
අකැමැත්තක්‌ නෙමෙයි. හදිසියේ චැනල් එකකින් බෙල්ට්‌ එකක්‌ ලබන මාසේ ලැබුණා මේ මාසේ වැඩක්‌ කරමු කියල ඒවා කරන්න අමාරුයි. එහෙමනේ දැන් මෙගා හැදෙන්නේ. මොකද හදාගත්ත නම නැතිකරගන්න වුවමනා නැහැ.

ගයාන්ගෙන් තහංචි වැටිලාද නිර්මාණ තෝරාබේරා ගැනීමට? 
අපොයි එහෙම නැහැ. අපි දෙන්නාගෙන් කාටවත් තහංචි දමාගෙන නැහැ.

ජීවිතය ගැන ආපහු හැරිලා බලද්දී මොකද හිතෙන්නේ ?
ජීවිතය මට නම් හරිම සුන්දරයි. මට වැරදුණු තැන් තියෙනවා. ඒවා අත්දැකීම් විදිහට ලබාගෙන ඉදිරිය බොහොම සතුටින් ගතකරන්න තමයි සූදානම.

ගයාන් මොකද ඒ ප්‍රශ්නය ගැන හිතන්නේ? 
මම තනි පුද්ගලයෙක්‌ විදිහට මේ හැමදෙයක්‌ම පහුකරගෙන ආවාද කියලා හිතෙනවා. මොකද මට මං ගැන ලොකු ආත්මවිශ්වාසයක්‌ තියෙනවා. ඒක ඉදිරියට හොඳ අඩිතාලමක්‌.

ගයාන්ගේ ජීවිතයට ලැබුණු හොඳම මිතුරා? 
හොඳම මිතුරා සහ සහකාරිය ළඟ තියාගෙන තමයි මම මේ කතාබහ කරන්නේ.

ගයාන් - චතුරිකා දැන් පෙම්වතුන් කියලා රටම දන්නවා. මොකද ඒ ගැන කියන්නේ ? හැමෝම දැනගන්න ඕනෑ. අපිත් එක්‌ක හැමෝම එකතුවෙලා වැඩකරන්න ඕනෑ. අපිත් හැමෝම එක්‌ක එකතුවෙන් වැඩකරන්න ඕනෑ. මේ ලෝකේ තියෙන්නේ සුහදතාවය මත මිසක්‌ ඇනකොටගැනීම්, පළිගැනීම් නෙමෙයි. අපි දෙන්නා හැමෝමත් එක්‌ක සුහදයි. අවුරුදු දෙකක්‌ ගියා ඔය උත්තරය මාධ්‍යයට දෙන්න.

ඇයි ඒ ? 
පහුගිය කාලයේ අපිට නොයෙකුත් නීතිමය ගැටලු තිබුණා ප්‍රසිද්ධියේ ඔය උත්තරය ලබාදෙන්න. දැන් ඒ ප්‍රශ්න සියයට අනූනවයයි දශම නවයක්‌ ඉවරයි. දැන් අපිට එහෙම ගැටලු නැහැ. අපි දෙන්නා අපි දෙන්නාගේ වැඩකටයුතු හොඳින් කරගෙන ඉන්න තමයි කල්පනාව.

ගයාන් අතින් ඔබට වෙන්න ඕනෑ යුතුකම් හරියාකාරව ඉටුකරනවාද?
සියයට සියයක්‌ම හරියාකාරව ඉටුවෙනවා. මොකද විශේෂයෙන්ම ගැහැනියක්‌ වුණහම එයා බලාපොරොත්තු වෙන දේවල් තියෙනවා සහකරු අතින්. ඉතිං ඒ දේවල් ගයාන් අතින් සියයට සියයකටත් වැඩියත් ඉටුවෙනවා. මට ඕනෑ ආදරය,රැකවරණය නොඅඩුව ඔහුගෙන් ලැබෙනවා.

ගයාන්ට චතුරිකාගෙන් වෙන්න ඕනෑ යුතුකම් හරියාකාරව ඉටුවෙනවාද? 
එතැනදී චතුරිකා කියපු දේ තමයි මටත් කියන්න තියෙන්නේ. බලන මිනිහෙකුට තේරෙනවා ඇති. මොකද මම හරි සැහැල්ලුවෙන් ජීවත්වෙන්නේ.

තාත්තා කෙනෙකුගෙන් වෙන්න ඕනෑ යුතුකම් ඔබේ අතින් හරියාකාරව ඉටුවෙනවාද? පැහැදිලිවම. ඒ හැමදෙයක්‌ම මටත් වඩා සොයාබලන්නේ චතුරිකා.

චතුරිකාගෙන් තහංචි වැටිලා නැතිද? 
කවදාවත් නැහැ.ඒක හින්දා මම හරිම නිදහස්‌. මට හිතන්න තියෙන්නේ එක දෙයයි. ඒ මගෙන් ක්‍ෂේත්‍රයට වෙන්න ඕනෑ දේ හරියාකාරව ඉටුකරන එක පමණයි.

ක්‍ෂේත්‍රයේ තරහකාරයෝ ඉන්නවාද? කවදාවත් නැහැ.

පසුගිය කාලයේ තනතුරු ලැබුණහම කට්‌ටිය ඒකට විරුද්ධ වුණා නේද? 
තනතුරු ලැබීම් තුළින් ඔවුන් හිතනවා ඇති මගේ වයසෙදි ඔවුන්ට ලැබෙන්න ඕනෑ දේවල් නොලැබුණානේ කියලා. නමුත් මම ඒ දේවල් ඉතා කෙටි කාලයකින් ලබාගත්තා. සමහරු අවුරුදු දහඅටෙන්, දහනවයෙන් පාර්ලිමේන්තු යනවා. තවත් සමහරු අවුරුදු හැත්තෑවෙන් පාර්ලිමේන්තු යනවා. ඒක එක එක්‌කෙනා ලබා උපන් හැටි. ඒකට කාටවත් වෛර කර කර ඉඳලා වැඩක්‌ නැහැ.

දිනේෂ් විතාන



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

තරුකැට 727210064161319597

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item