දේශීය පරීක්ෂණයකට එරෙහිව උතුරෙන් පෙත්සමක් අත්සන් කරයි
ශ්‍රී ලංකා රජය විසින් සිදු කරනු ලැබූ බවට චෝදනා එල්ල වී තිබෙන යුද අපරාධ සම්බන්ධයෙන් දේශීය විමර්ශනයකට විරෝධතාවය පළ කරමින් ඒ වෙනුවට ජාත්‍යන්තර...

https://www.sathhanda.com/2015/09/sri-lanka-war-ccrime-report.html
යාපනය විශ්වවිද්‍යාලයේ මහාචාර්ය වී පී සිවනාදන් සහ දෙමළ ජාතික ජනතා පෙරමුණේ නායක ගජේන්ද්‍ර කුමාර් පොන්නම්බලම්ගේ මූලිකත්වයෙන් මෙම ව්‍යාපාරය සංවිධානය කර ඇත්තේ, ජාත්‍යන්තර විමර්ශනයක් සඳහා වූ දෙමළ ක්‍රියාකාරී කමිටුව විසිනි.
සැප්තැම්බර් 04 වැනිදා සවස යාපනය ප්‍රධාන බස් නැවතුම් පොළ වෙත රැස්වූ යුද්ධයෙන් දිවි බේරා ගත් පුද්ගලයන්, යුද්ධයෙන් සිය දරුවන් අහිමි වූ මව්වරුන් ඇතුළු බොහෝ පිරිස් පෙත්සමට සිය අත්සන් ලබා දීමට කටයුතු කළහ.
දේශීය පරීක්ෂණයක් නොසුදුසු ඇයිද යන්න එහි විස්තර කෙරෙන අතර ජාත්‍යන්තර ප්‍රජාවට මේ වෙනුවෙන් ඉදිරිපත් වන ලෙසත් එල්ල වී ඇති චෝදනා විභාග කිරීමට ජාත්‍යන්තර අධිකරණයක් පිහිටුවන ලෙසත් බල කෙරෙයි.
Related