මෛත‍්‍රී සමග කතා කළේ වයිබර් වලින් - ජාතික ආණ්ඩුවේ ඉන්න හේතු 3ක් චන්ද්‍රික කියයි
ජනවාරි මස 08 වැනිදා පැවති ජනාධිපතිවරණයට පෙර වත්මන් ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා සමග අදහස් හුවමාරු කර ගත්තේ වයිබර් ඇප් තාක්ෂණය ඔස්සේ බව...

https://www.sathhanda.com/2015/09/chandrika-bandaranaike-kumaratunga.html
ඉන්දියාවේදී ජනමාධ්‍යවේදීන් පිරිසක් හමුවේ කියා සිටියේ වයිබර් මගින් සිදුකෙරෙන දුරකථන සංවාද අවහිර කිරීමට හෝ රහසි ගතව සවන්දීමට එවක ශ‍්‍රී ලංකා ආණ්ඩුව නොදැන සිටි බවයි.
මේ අතර මහින්ද රාජපක්‍ෂ මහතා යළි ජනාධිපති ධූරයට පත්වුයේ නම් තමන් ඇතුළු පිරිසක් මරණයට පත්වන්නට ඉඩ තිබු බවද කුමාරතුංග සඳහන් කළා.
වත්මන් ආණ්ඩුව සමග රැඳි සිටින තමන්ට අපේක්‍ෂා තුනක් පවතින බවද ඇය කියා සිටියා.
- හමුදා රඳවා සිටින ඉඩම් යළි අත්පත් කර ගැනීම
- අතුරුදන් වු දෙමළ ජාතිකයන් පිළිබඳ පරික්‍ෂණ පැවැත්වීම
- අවතැන්වුවන් යළි පදිංචි කිරීම
එම අරමුණු බවයි කුමාරතුංග සඳහන් කළේ.
Related