ශ‍්‍රිලනිපය කියා පක්‍ෂයක් තරඟ කර නෑ,. එජාප-ශ්‍රීලනිප හවුලම අවුලක් - ගම්මන්පිලගෙන් සුපිරි තර්කයක්

එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පාර්ශ්වකාර පක්‍ෂ පාර්ලිමේන්තුවේදී පක්‍ෂ ලෙස පිල නොගන්නේ නම් එජාප-ශ‍්‍රිලනිප හවුල් ආණ්ඩුවද ඉබේම අහෝසි වන්නේ යයි ...

එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පාර්ශ්වකාර පක්‍ෂ පාර්ලිමේන්තුවේදී පක්‍ෂ ලෙස පිල නොගන්නේ නම් එජාප-ශ‍්‍රිලනිප හවුල් ආණ්ඩුවද ඉබේම අහෝසි වන්නේ යයි පාර්ලිමේන්තු මන්ත‍්‍රී උදය ගම්මන්පිල මහතා කියා සිටී.

ඔහු පෙන්වා දෙන්නේ සන්ධාන මිස ඒහි හවුල්කාර පක්‍ෂ පාර්ලිමේන්තුවේදී පක්‍ෂ ලෙස පිල නොගන්නේ නම් කථානායකවරයා විසින් එජාප-ශ‍්‍රිලනිප හවුල් ආණ්ඩුවද පාර්ලිමේන්තුවේදී පිලි ගත නොහැකි බවයි.

එනම් කථානායකවරයාට පාර්ලිමේන්තුවේදී පිලිගැනීමට ගිවිසුමක් අත්සන් කල යුත්තේ එක්සත් ජනතා නිදහස් සන්ධානය හා එක්සත් ජාතික පක්‍ෂය අතර මිස ශ‍්‍රීලනිපය හා එජාපය අතර නොවන බවයි.

සන්ධානයේ සෙසු පක්‍ෂ පාර්ලිමේන්තුවේදී පිලි නොගන්නේ නම් ශ‍්‍රීලනිපයද මෙම මැතිවරණය සඳහා තරඟ කල පක්‍ෂයක් නොවන නිසා එය සමඟ එජාපය එළැඹි ගිවිසුම අනුව ජාතික ආණ්ඩුව පිලි ගැනීමද කල නොහැකි බව පෙන්වා දෙන මන්ත‍්‍රීවරයා හවුල් ආණ්ඩුව පිලිගන්නේ නම් එම පදනමින්ම සන්ධානයේ හවුල්කාර පක්‍ෂ දේශපාලන පක්‍ෂ ලෙස පාර්ලිමේන්තුවේදී පිලිගත යුතු බවත් කියා සිටියේය.

මෙතෙක් එක්සත් ජනතා නිදහස් සන්ධානය හා එක්සත් ජාතික පක්‍ෂය අතර කිසිදු ගිවිසුමක් අත්සන් කර නැති බවත් එවන් කිසිදු ගිවිසුමකට යාමට ජනවරමක් ලැබී නැති බවත් මන්ත‍්‍රීවරයා වැඩිදුරටත් කියා සිටියේය.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 8865173604916876067

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item