තාජුඩීන්ගේ වාහනය ගෙන්නුවේ කවුද - සමාගමත් නෙමෙයිලු
රගර් ක්‍රීඩක මොහොමඩ් තාජුඩීන් අනතුරට පත් වූ වාහනය මෙරට අදාළ වර්ගයේ වාහන ගෙන්වන සමාගමට අයත් රථයක් නොවන බව එම සමාගම ඊයේ (1) අධිකරණයට දැනුම්...
https://www.sathhanda.com/2015/09/waseem-thajudeen.html
රගර් ක්‍රීඩක මොහොමඩ් තාජුඩීන් අනතුරට පත් වූ වාහනය මෙරට අදාළ වර්ගයේ වාහන ගෙන්වන සමාගමට අයත් රථයක් නොවන බව එම සමාගම ඊයේ (1) අධිකරණයට දැනුම් දුන්නා.
කොළඹ අතිරේක මහේස්ත්‍රාත් නිශාන්ත පීරිස් මහතා වෙත වාර්තාවක් ඉදිරිපත් කරමින් ඔවුන් සඳහන් කර සිටියේ මෙම මාදිලියේ වාහන තම සමාගම මගින් සෘජුව ආනයනය නොකරනබවයි.
දේශීය ආනයනකරුවන් විසින් හෝ පුද්ගලිකව මෙම වර්ගයේ වාහන ආනයනය කරන බවයි එම සමාගම වැඩි දුරටත් සඳහන් කර ඇත්තේ.
මෙම අනතුර හේතුවෙන් රථයේ සුක්කානම ගැලවීයාමට හැකියාවක් නොමැති බව සහ ගිනි ගැනීම නිසා රථය අධික ලෙස පිළිස්සී ඇති නිසා ගිනි ගැනීම සිදු වී ඇත්තේ ගැටීම හේතුවෙන් ද යන්න පිළිබඳ මතයක් ප්‍රකාශ කළ නොහැකි බවයි එම සමාගම පවසන්නේ.


Related