තුනපහ අස්සේ කිලෝ 2.5ක හෙරොයින්

තුනපහ පැකට් රැගෙන එන මුවාවෙන් රුපියල් දෙකෝටි පනස්ලක්ෂයක් වටිනා හෙරොයින් තොගයක් මෙරටට රැගෙන ආ දෙදෙනෙකු ගුවන්තොටුපළ රේගුව විසින් අත්අඩංගුවට ග...

තුනපහ පැකට් රැගෙන එන මුවාවෙන් රුපියල් දෙකෝටි පනස්ලක්ෂයක් වටිනා හෙරොයින් තොගයක් මෙරටට රැගෙන ආ දෙදෙනෙකු ගුවන්තොටුපළ රේගුව විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

කොළඹ ප්‍රදේශයේ පදිංචි 45 හැවිරිදි පිරිමි පුද්ගලයෙක් සහ 60 හැවිරිදි කාන්තාවක් ද මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බවයි ගුවන් තොටුපල රේගුව පැවසුවේ.

ඉන්දියාවේ චෙන්නායි UL 126 යානයෙන් ඔවුන් දෙදෙකා මෙලෙස පැමිණ ඇති බව සදහන්.

ඔවුන් ගමන් මලුවල තුනපහ පැකට් ගෙනවිත් ඇත්තේ හෙරොයින් ද සමග බව රේගුව පවසයි.

හෙරොයින් ග්‍රෑම් 500 යේ පැකට් 5ක් ගමන් මලුවල සූක්ෂම ලෙස අසුරා තිබී ඇත.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 3821982551334445987

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item