සුර්ය බල ශක්ති ප්‍රවර්ධනයට ජර්මනියෙන් යුරෝ ලක්ෂ දෙකක්
දෛනිකව ඉහළ යන විදුලිබල ඉල්ලූම සහ විදුලි උත්පාදන ප්‍රරභවයන්ගේ සීමිත බව හේතුවෙන් අනාගතයේදී බලශක්ති ක්ෂේත‍්‍රයේ ඇතිවිය හැකි අර්බුදයන්ට ස්...
https://www.sathhanda.com/2015/10/german-helps-to-sri-lanka-solar-power-plants.html
ඊයේ (07) විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය. රංජිත් සියඹලාපිටිය සමග එම අමාත්‍යාංශ පරිශ්‍රයේ පැවති නිල සාකච්ඡාවකදී ජර්මන් තානාපතිවරයා විසින් මේ බව අවධාරණය කළේය.
මේ අනුව ශ්‍රී ලංකාව තුළ පවතින්නාවූ මිල අවම බලශක්ති ප්‍රභවයන් වන සූර්ය, සුළං ආදි බලශක්ති ප්‍රභවයන්ගේ උපයෝගීතාව පිළිබඳව ජනතාව දැනුවත් කිරීමේ සහ ඒ පිළිබඳව ජනතාව පෙළඹවීමේ කාර්යය වෙනුවෙන් සහ බලශක්ති සංරක්ෂණ ක්‍රියාවලිය වෙනුවෙන්, ජර්මන් රජය විසින් යූරෝ ලක්ෂ 2ක මූල්‍යාධාර ලබාදෙන බව මෙහිදී ජර්මන් තානාපතිවරයා වැඩිදුරටත් අවධාරණය කර සිටි. මේ පිළිබඳව දෙරට අතර ගිවිසුම් අත්සන් කිරීම ඉදිරියේදී සිදු කිරීමට නියමිත බවද හෙතෙම පැවසීය.



Related