එක වසරට දාන්ට - විදුහල්පති 'ඇඟ මස්' ඉල්ලා ලැගුම්හලට ඇවිත් කොටු වුන හැටි [VIDEO]

ලෝක ගුරු දිනය යෙදු තිබූ ඊයේ (06) දිනයේදී හොරණ ප්‍රදේශයේ විදුහල්පතිවරයෙකු පළමුවන ශ්‍රේණියට ළමයෙකු ඇතුළත් කර ගැනීමට පැමිණි මවකගෙන් ලිංගික අ...

ලෝක ගුරු දිනය යෙදු තිබූ ඊයේ (06) දිනයේදී හොරණ ප්‍රදේශයේ විදුහල්පතිවරයෙකු පළමුවන ශ්‍රේණියට ළමයෙකු ඇතුළත් කර ගැනීමට පැමිණි මවකගෙන් ලිංගික අල්ලස් ලබාගැනීමට ප්‍රදේශයේ ලැගුම්හලකට ගොස් තිබුණා. 

කෙසේ වෙතත් ඇය මේ සම්බන්ධයෙන් මීට පෙර හිරු C.I.A. කණ්ඩායම මෙන්ම අධ්‍යාපන බලධාරින් දැනුවත් කර තිබූ අතර ඒ අනුව ඉංගිරිය - ඇළබඩ ප්‍රදේශයේ ලැගුම්හලකදී පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ විමර්ශන නිලධාරීන් විසින් විදුහල්පතිවරයා තමන් භාරයට ගත්තා. 

එසේම, ලැගුම්හලේ අමුත්තන්ගේ ලේඛණයද ඔවුන්ගේ භාරයට ගෙන තිබුණේ සිද්ධිය සම්බන්ධයෙන් සාක්ෂි තහවුරු කර ගැනීම සඳහායි.

මේ වනවිට විද්‍යාලයේ පාලන කටයුතු නියෝජ්‍ය විදුහල්පතිට යටත්කර ඇති අතර, අදාළ සිදුවීම සම්බන්ධයෙන් තවදුරටත් පරීක්ෂණයක් පැවැත්වෙන බවයි පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ විමල් ගුණරත්න කියා සිටියේ.





මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

Gossip 5410215585886807422

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item