විදුහල්පති විභාගය 21 වැනිදාට කල්යයි
ශ්‍රී ලංකා විදුහල්පති සේවයේ තුන්වන පංතියට බඳවා ගැනීම සඳහා වන තරඟ විභාගය ලබන 10 වන දින නොපැවැත්වෙන බව විභාග දෙපාර්තමේන්තුව පවසයි. නිවේදනයක...
https://www.sathhanda.com/2015/10/principal-examination-2015-sri-lanka.html
ශ්‍රී ලංකා විදුහල්පති සේවයේ තුන්වන පංතියට බඳවා ගැනීම සඳහා වන තරඟ විභාගය ලබන 10 වන දින නොපැවැත්වෙන බව විභාග දෙපාර්තමේන්තුව පවසයි. නිවේදනයක් නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ අදාළ විභාගය නොවැම්බර් මස 21 වන දින පැවැත්වෙන බවයි. විභාගය සඳහා වන ප්‍රවේශපත්‍ර තැපැල් මගින් යොමු කිරීමට පියවර ගන්නා බවද විභාග දෙපාර්තමේන්තුව පවසයි.
මෙම විභාගය පිළිබඳව වැඩිදුර තොරතුරු 0112 785 230 හෝ 0112 177 075 යන දුරකථන අංක වලට ඇමතීමෙන් ලබාගත හැකිය.


Related