යහපාලන ඇමතිවරුන්ගේ කරුංකා මාෆියාව
'මචං කරුංකා වැඩේ අඩුගානෙ දෙසැම්බර් මාසෙ වෙනකං වත් නවත්තන්න වෙනවා. ඉන්දියාව බොසාට බර බරේ දාලා, හෙන අවුලක්. ඒක නිසා බොසා මට කිව්වා ටික ...

https://www.sathhanda.com/2015/10/karunka-mafia.html
'මචං කරුංකා වැඩේ අඩුගානෙ දෙසැම්බර් මාසෙ වෙනකං වත් නවත්තන්න වෙනවා. ඉන්දියාව බොසාට බර බරේ දාලා, හෙන අවුලක්. ඒක නිසා බොසා මට කිව්වා ටික කාලෙකට කාටවත් පර්මිට් දෙන්න එපා කියලා. ඒකනිසා මම කට්ටියටම මේක කියනවා. යාලුවන්ට කියන්න මාස හයක් විතර ඉවසල ඉන්න කියලා.' යනුවෙන් අලුතින් පත්වූ ඇමතිවරයෙක් තවත් ඇමතිවරුන් තිදෙනෙක් අමතා පවසා තිබේ.
ඉන්දුනීසියාවෙන් මෙරටට රැගෙන එන කරුංකා මෙරටදී තවත් අගයක් වැඩිවන ලෙස සකස් කොට ඉන්දියාවට ප්‍රතිඅපනයනය කිරීම මේ වනවිට ජාවාරමක් බවට පත්ව තිබේ. පසුගිය ආණ්ඩුවේ මෙන්ම මේ ආණ්ඩුවේද බිස්නස්කාර ජාවාරම්කරුවන් මෙම ජාවාරමේ යෙදෙන්නේ මේ ආණ්ඩුවේද දේශපාලනඥයන්ගේ ආශිර්වාදය මතය.
මෙම කරුංකා ජාවාරම සඳහා ඇමතිවරුන් හතර දෙනෙකුගේ අනුමැතිය ලබා ගතයුතු වේ. පළමුව අනුමැති ලබා ගතයුත්තේ කෘෂිකර්ම අමාත්‍යංශය අයත් දුමින්ද දිසානායක ඇමතිවරයාගෙනි. දෙවැන්න ලබා ගතයුත්තේ අභ්‍යන්තර වෙළඳ කටයුතු අමාත්‍යංශය භාර රිෂාඩ් බදුර්දීන් ඇමතිවරයාගෙනි. තෙවැන්න ලබා ගතයුත්තේ ශ්‍රී ලංකා රේගුව අයත් වන මුදල් අමාත්‍ය රවී කරුණානායක ඇමතිවරයාගෙනි. මෙම අමාත්‍යංශ තුනට අමතරව මෙම ආණ්ඩුව යටතේ ක්‍රියාත්මක වන ජාත්‍යන්තර වෙළඳාම පිළිබඳ අමාත්‍යධූරය හොබවන, එජාප සභාපති මලික් සමරවික්‍රමගෙන්ද අලුතින් අවසර ලබා ගතයුතුව තිබේ.
මෙයින් එක් ඇමතිවරයෙක් අනෙක් ඇමතිවරුන් තිදෙනා අමතා ඉහත ප්‍රකාශය සිදුකර තිබේ. අනෙක් ඇමතිවරු තිදෙනා ඔහුව විශ්වාස කරමින් තාවකාලිකව කරුංකා බලපත්‍ර නිකුත් කිරීම අත්හිටුවා තිබේ. නමුත් එම ප්‍රකාශය සිදුකළ ඇමතිවරයාගේ ආශීර්වාදය මත තවමත් කරුංකා ජාවාරම ජයටම කෙරීගෙන යයි. මෙම ජාවාරම ඇමතිවරයාගේ ආශීර්වාදයෙන් සිදුකරනු ලබන්නේ හිටපු ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩක මුත්තයියා මුරලිදරන්ගේ සහෝදරයා වන මුත්තයියා ශෂිදරන් සහ ඔහුගේ ව්‍යාපාරික සගයා වන ජයලත් ය.
තමාගේ සමීපතම මිතුරෙකු වන මුත්තයියා ශෂිදරන්ට කරුංකා ජාවාරම දිගටම කරගෙන යාම සඳහා අදාල ඇමතිවරයා අනෙක් ඇමතිවරුන් තිදෙනා ගොනාට අන්දා තිබේ. ළඟදීම ඉතිරි ඇමතිවරුන් තිදෙනා තමන්ට පොත පෙරලූ ඇමතිවරයා පිළිබඳව අගමැතිවරයාට හා ජනාධිපතිවරයාට පැමිණිලි කිරීමට සූදානමින් සිටී. අගමැතිවරයාගේ ආශිර්වාදය නිතරම මෙම ඇමතිවරයාට ලැබෙන බැවින් ජනාධිපතිවරයා පියවරක් ගතහොත් මිස අගමැතිවරයාගෙන් නම් එවැන්නක් බලාපොරොත්තු විය නොහැකි බව අපවෙත තොරතුරු හෙළිකළ පුද්ගලයන් පවසා සිටියහ.
LNW
LNW
Related