කොණ්ඩයා නිවැරදි කරුවෙක් - ඔහු නිදහස් - එහෙත් නැවත බන්ධනාගාරයට
කොටදෙණියාව සේයා ඝාතන සිද්ධිය සම්බන්ධ නඩුවට සැකපිට අත්අඩංගුවට ගත් කොණ්ඩයා නොහොත් දුනේෂ් ප්‍රියශාන්ත නැමැත්තා අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව...

https://www.sathhanda.com/2015/10/kondaya-freed.html
කොටදෙණියාව සේයා ඝාතන සිද්ධිය සම්බන්ධ නඩුවට සැකපිට අත්අඩංගුවට ගත් කොණ්ඩයා නොහොත් දුනේෂ් ප්‍රියශාන්ත නැමැත්තා අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවෙන් කෙරුණු ඉල්ලීමක් අනුව මිනුවන්ගොඩ මහේස්ත‍්‍රාත් අධිකරණය අද(19) නිදහස් කෙරිණි.
කොණ්ඩයා නොහොත් දුනේෂ් ප්‍රියශාන්තගේ DNA සේයා දැරියගේ සිරුරෙන් හමුවූ ජෛව සාම්පල සමග නොගැළපීම හේතුවෙන් ඔහු මෙලෙස නිදහස් වූ අතර, මීටපෙර ඔහු විසින් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පාපොච්චාරණයක්ද කරතිබිණි.
එසේම කොණ්ඩයා මෙකී චෝදනාවෙන් නිදහස් කළද ඔහුට එල්ල වී ඇතැයි කියන වෙනත් චෝදනා සම්බන්ධයෙන් යළි ඔහු රිමාන්ඩ් කිරීමටද මිනුවන්ගොඩ මහේස්ත්‍රාත්වරයා නියෝග කර තිබේ. මෙම ඝාතනයට සැකපිටඅත්අඩංගුවට ගත් සමන් ජයලත් නැමැත්තා ලබන මස 02වැනිදා දක්වා තවදුරටත් රක්‍ෂිත බන්ධනාගාරගත කෙරිණි.
Related