තමිලිනීගේ දේහය නිවසට ගෙන එයි [PHOTOS]
මහරගම පිළිකා රෝහලේදි පිළිකා රෝගයක් හේතුවෙන් ජිවිතක්ෂයට පත් වු එල්.ටි.ටි.ඊ සංවිධානයේ කාන්තා දේශපාලන අංශයේ නායිකාව ලෙස කටයුතු කළ තමිලිනී නොහො...

https://www.sathhanda.com/2015/10/thamilinis-body-to-home-photos.html
මහරගම පිළිකා රෝහලේදි පිළිකා රෝගයක් හේතුවෙන් ජිවිතක්ෂයට පත් වු එල්.ටි.ටි.ඊ සංවිධානයේ කාන්තා දේශපාලන අංශයේ නායිකාව ලෙස කටයුතු කළ තමිලිනී නොහොත් සුබ‍්‍රමනියම් ශිවහාමිගේ සිරුර ඊයේ(18) රාති‍්‍රයේ තමිලිනි ජිවත් වු 8 වන පටු මඟ,ශිවපුරම් කුඩිඉරිප්පු, කිලිනොච්චි,පරන්තන් යන ලිපිනයේ පිහිටි නිවස වෙත රැගෙනවිත් තිබෙනවා.
දේහය නිවසට රැගෙන ඒමෙන් අනතුරුව පරන්තන් ප‍්‍රදේශවාසීන් විශාල පිරිසක් දේහය වෙත අවසන් ගෞරව දැක්වීම සඳහා පැමිණෙන ආකාරයක් දක්නට ලැබුණා.
ඉලංගෙයි තමිල් අරසු කචිචි පක්ෂයේ නායක පාර්ලිෙමින්තු මන්තී‍්‍ර මාෙවියි සේනාධිරාජා¥ද දේහය වෙනුවෙන් අවසන් ගෞරව දැක්වීම උදෙසා ඊයේ(18) රාති‍්‍රයේ තමිලිනිගේ නිවස වෙත පැමිණ තිබෙනවා.
දේහය වෙත අවසන් ගෞරව දැක්වීමට පැමිණි මාෙවියි සේනාධිරාජා ¥ පැවසූෙවි තමිලිනීගේ වියෝව හේතුවෙන් තමන් මහත් කම්පාවට පත්වු බවයි.
තමිලිනී එල්.ටි.ටි.ඊ සංවිධානයේ සිටින අවධියේ සහ පුනරුත්තාපනය ලැබීමෙන් පසුවද නිබඳව දෙමළ ජනතාවට සිදු වන අසාධාරණකම් වෙනුවෙන් පෙනි සිටි බැව්ද හෙතෙම පැවසුවා.
තමිලීනිගේ වියෝව සම්බන්ධයෙන් කිලිනොච්චි දිස්ති‍්‍රක් දෙමළ ජාතික සන්ධාන පාර්ලිෙමින්තු මන්තී‍්‍ර ශිවඥානම් ශී‍්‍රධරන් ¥,උතුරු පළාත් සභා ධීවර,ප‍්‍රවාහන හා ග‍්‍රාමීය සංවර්ධන කටයුතු අමාත්‍ය පි.ඩෙනිශ්වරන් ඇතුළු උතුරේ දේශපාලන නායකයින් රැසක් ශෝක පණිවිඩ නිකුත් කොට තිබෙනවා.
තිමිලිනී 1991 වර්ෂයේදි එල්.ටි.ටි.ඊ සංවිධානයට එක්ව ඇති අතර,කලක් සන්නද්ධ අංශයේ සේවය කොට තිබෙනවා.
කිලිනොච්චිය හා වන්නි ප‍්‍රදේශයන් පුරා තමිලිනී එල්.ටි.ටි.ඊ සංවිධානයේ සේවය කොට ඇති බව ආරක්ෂක අංශ පවසනවා.
එල්.ටි.ටි ඊ නායක වේලෙුපිල්ලේ ප‍්‍රභාකරන්, එල්.ටි.ටි.ඊ න්‍යයාචාර්ය ලෙස කටයුතු කළ ඇන්ටන් බාලසිංහම් ඇතුළු එල්.ටි.ටි.ඊ සංවිධානයේ ප‍්‍රභලයින්ගේ විශ්වාසවන්තියක් ලෙස තමිලිනී කටයුතු කොට ඇති බැවද ආරක්ෂක අංශ පවසනවා.
ඇයගේ දේහය නිවසට ගෙනගිය අයුරු පහතින් නරඹන්න.
Related