කොටදෙනියාව පොලිසිය තරුණයන් රැසකට පහර දී වද දීලා

කොටදෙනියාව සේයා දැරියගේ ඝාතනය සම්බන්ධයෙන් එම ගමේ තරුණයින් රැසක් පොලිසිය නීත්‍යානුකූල නොවන ආකාරයට අත්අඩංගුවට ගෙන පහර දී ඇතැයි වාර්තා වේ. ...

කොටදෙනියාව සේයා දැරියගේ ඝාතනය සම්බන්ධයෙන් එම ගමේ තරුණයින් රැසක් පොලිසිය නීත්‍යානුකූල නොවන ආකාරයට අත්අඩංගුවට ගෙන පහර දී ඇතැයි වාර්තා වේ.

කොටදෙනියාව අකරන්ගහ ගමේ තරුණයන් දස දෙනෙකු පමණමෙලෙස අත්අඩංගුවගෙන පහරදීම් සිදු කර ඇති අතර ඇතැම් තරුණයින් අවස්ථා කිහිපයකදීම පොලිසියට රැගෙන ගොස් තිබෙන බවත් පැවසේ.

එලෙස අත්අඩංගුවට ගනු ලැබූවන්ගෙන් අධිකරණයට ඉදිරිපත් කර ඇත්තේ 17 හැවිරිදි පාසල් සිසුවාත් එක්දරු පියාත් පමණක් වන අතර තරුණයින් තිදෙනෙකු පමණක් දින හතරක් පමණ පොලිසිය රඳවා තබාගෙන ඇතැයිද වාර්තා වේ. සේයා දැරියගේ ඝාතනය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගනු ලැබූ පාසල් සිසුවා සහ එක්දරු පියා දින 12ක් පමණ ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර තිබිණි.

සේයා දැරියගේ ඝාතනය පිළිබඳ විමර්ශනය කිරීමේදී කොටදෙනියාව පොලිසිය ක්‍රියාත්මක වූ ආකාරය සම්බන්ධයෙන් බරපතල විරෝධයක් හා විවේචනයක් මේ වනවිට එල්ල වී තිබේ.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 7357026919945455636

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item