ආණ්ඩුවේ රහස් පිටවීම නිසා ජිනීවා ප්‍රශ්නය රටතුල දුරදිග යනවා - ආණ්ඩුව රහස් එලියට දුන්න පිරිස සොයයි

විදෙස් රාජ්‍යතාන්ත්‍රික සේවයේ නිරතවන පුද්ගලයින් හරහා වත්මන් හවුල් ආණ්ඩුව ගනු ලබන තීන්දු තීරණ හෙළිදරව් වෙමින් පවතින බවට ආණ්ඩුව අභ්‍යන්තරයේ බ...

විදෙස් රාජ්‍යතාන්ත්‍රික සේවයේ නිරතවන පුද්ගලයින් හරහා වත්මන් හවුල් ආණ්ඩුව ගනු ලබන තීන්දු තීරණ හෙළිදරව් වෙමින් පවතින බවට ආණ්ඩුව අභ්‍යන්තරයේ බරපතල සැකයක් නිර්මාණය වී ඇති බව වාර්තා වේ.

ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ජිනීවා යෝජනාවලියක් ඉදිරිපත් වීම පිළිබඳවත් ඊට මුහුණ දීම පිළිබඳවත් විදෙස් රටවල් සමග එකඟතාවයන්ට එළඹීම පිළිබඳවත් ආණ්ඩුවේ ප්‍රබලයින් හා විදෙස් සේවයේ ප්‍රබලයින් අතර සාකච්ඡා පැවැත්වී තිබේ. එම සාකච්ඡාවලදී රහස්‍යභාවය රැකිය යුතු කරුණු රාජ්‍ය තාන්ත්‍රික නිලධාරීන්ගෙන මාධ්‍ය වෙත නිකුත් වී වුනු නිසා ආණ්ඩුව දැඩි අපහසුතාවයට පත්ව තිබේ. 

මේ තත්වය හමුවේ ඉදිරියේදී පැවැත්වෙන එවැනි සාකච්ඡා සඳහා රාජ්‍යතාන්ත්‍රික සේවයේ යෙදී සිටින පුද්ගලයින් සහභාගී කර ගැනීමෙන් වැලකී සිටීමටත් මෙම තොරතුරු පිටකළ පිරිස පිළිබඳව පරීක්ෂා කිරීමටත් තීරණය කර තිබේ.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 2302130633669540103

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item