කොළඹ ජාත්‍යන්තර මැරතන් තරඟාවලයට මහින්දත් එක් වෙයි [PHOTOS]

මෙරට පැවැත්වෙන ප‍්‍රධානතම මැරතන් තරගාවලියක් වන කොළඹ ජාත්‍යන්තර මැරතන් තරගාවලියට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාද අද (04) එක් වුණා. ත...

මෙරට පැවැත්වෙන ප‍්‍රධානතම මැරතන් තරගාවලියක් වන කොළඹ ජාත්‍යන්තර මැරතන් තරගාවලියට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාද අද (04) එක් වුණා.

තරගාවලිය අද (04) උදෑසන ආරම්භ වූයේ කොළඹ බෞද්ධාලෝක මාවත අසලින්. කිලෝමීටර් 5 මැරතන් ධාවන ඉසව්වට එක් වූ මහින්ද රාජපක්ෂ මහතා එම ඉසව්ව විනාඩි 50කින් නිම කළා. කොළඹ ජාත්‍යන්තර මැරතන් තරගයේ කිලෝමීටර් 5 ධාවන ඉසව්ව අවසන් වූයේ ඔරුගොඩවත්ත මංසන්ධියෙන්. 

ප‍්‍රධාන මැරතන් ධාවන තරගය බොරැල්ල, දෙමටගොඩ, පෑලියගොඩ, වත්තල හරහා හැමිල්ටන් ඇල අසලින් ඇති මාර්ගය ඔස්සේ පමුණුගම හරහා මීගමුව වෙරළ උද්‍යානය අසලින් අවසන් වුණා.

ඊට එක්ව සිටි දෙස් විදෙස් කී‍්‍රඩක කී‍්‍රඩිකාවන් සංඛ්‍යාව හයදහසකට අධිකයි.






මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 7244329398490005437

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item