මහා පිම්පියාගේ අමන වදන් - ජපානේ ගිහින්වත් හැදෙන්නේ නැති රනිල්

මහ බැංකුවේ නිලධාරීන් 100ක් පමණ එක වර මාරු කිරීම ගැන වූ ප්‍රශ්ණයක් හේතු වෙන් අද ඇරඹි පාර්ලිමේන්තු සැසිවාරය ඇති වූ උණුසුම් තත්වයක් මත කල් ත...

මහ බැංකුවේ නිලධාරීන් 100ක් පමණ එක වර මාරු කිරීම ගැන වූ ප්‍රශ්ණයක් හේතු වෙන් අද ඇරඹි පාර්ලිමේන්තු සැසිවාරය ඇති වූ උණුසුම් තත්වයක් මත කල් තබන්නට කථානායකවරයාට සිදු විය.

මන්ත‍්‍රී දිනේෂ් ගුණවර්ධන විසින් මේ සම්බන්ධවෙයන් වූ ලිපියක් සභාගත කිරීමට යාමේදී ආණ්ඩු පක්‍ෂයෙන් එල්ල වූ විරෝධය මත මෙම නොසන්සුන්තාවය ඇතිවිය. ජාතික රූපවාහිනිය විසින් අද දින සිට පාර්ලිමේන්තුව සජීවීව විකාශය කිරීම ආරම්භ කර තිබුණද පැවති තත්වය මත එය තවතන්නට සිදු විය.

අදාල යෝජනාවට පිලිතුරු දෙමින් අගමැතිවයරයා අදහස් පල කරද්දී ඊට විපක්‍ෂ මන්ත‍්‍රීවරුන්ගේ සිදු වූ බාධා කිරීම් නිසා අහිකුන්ඨිකයියෝ, වාඩිවෙනවා අයිසෙ ආදී වචනද ඊට එක් කලේය.

‘මෙතන ඉන්න පිම්පියෝ’ යයිද අගමැතිවරයා කී අතර ඊට විපක්‍ෂයෙන් දැඩි විරෝධය එල්ල වුයේ පාර්ලිමේන්තුවට නුසුදුසු වචනයක් බැවින් ඉල්ලා අස්කර ගන්නා ලෙසයි. අවසානයේ විපක්‍ෂ මන්ත්‍රීරීවරුන් පිරිසක් අගමැතිවරයාගේ හැසිරීමට විරෝධය පාමින් සභා ගැබෙන් ඉවත් විය.

ජපානය වැනි ඉවසීම, අන් අයට ගරු කරන, පිරිසිදු, අවලන් සහ හිස් වදන් නොකියන රටක පය තබා පැමිණ දිනක් ගතවීමටත් ප්‍රථම රනිල්ගේ මෙම හැසිරීම බොහෝ ප්‍රගතශීලි ජනතාවගේ පිළිකුලට බදුන්වී ඇත.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 8221845799281370680

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item