අයවැයෙන් සියලු බදු ඉහල යන ලකුණු
ලබන වසරේ වර්ධන රේට්ටුව ඉහල අගයක පවත්වාගෙන යාමට සඳහා බදු වැඩි කළ යුතු බවට ලෝක බැංකුව ශ්‍රී ලංකාවට යෝජනා කර ඇති බව වාර්තා වේවෙනවා. මුදල් ...

https://www.sathhanda.com/2015/10/sri-lanka-economy-2015.html
මුදල් ඇමැති රවී කරුණානායක සහ මහා බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන් පෙබරවාරියේ වොෂින්ටනයේදී ලෝක බැංකු කළමනාකාර අධ්‍යක්ෂිකා මුල්යානි ඉන්ද්‍රවතී සමග දෙවසරකට වරක් එළිදක්වන දකුණු ආසියානු ආර්ථික විග්‍රහය ප්‍රකාශයට පත් කරන ලෝක බැංකුවේ පෙරදැක්ම නම් ලබන වසරේ ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධන වේගය 5.6% දක්වා ඉහල යනු ඇති බවයි. ඊට හේතුව වශයෙන් වාර්තාව දක්වන හේතුව ‘රාජ්‍ය අංශයේ ඉහල වැටුප් සහ මුදල් අතමිට ගැවසීම,’යි.
කෙසේ වෙතත්, වර්ධනය ඒ මට්ටමට පවත්වාගෙන යාමට නම්, බදු ආදායම වැඩි කොට, පොදු වියදම් සීමා කර තරගකාරිත්වය වැඩි දියුණු කළ යුතු බව ලෝක බැංකුවේ නව රජයට නිර්දේශ කර ඇති බව වාර්තා වෙනවා. එසේ නොමැතිව රජයට ආර්ථිකයකඩාවැටීම වැළක්විය නොහැකි බවත් දන්ව්වා ඇත.
තවද අලුත් ආණ්ඩුවේ මාස අටක පාලන සමය තුලදී විදේශීය සංචිත ඩොලර් කෝටි සියයකින් පහත වැටී ඇති බව ලෝක බැංකුව දක්වයි. අයවැය පරතරය ඉහල යාම වලක්වා ගැනීම සඳහා ආදායම් නංවා ගත යුතු බව පවසන ලෝක බැංකු වාර්තාව ඉහල මධ්‍යම ආදායම් ලබන තත්වයට ශ්‍රී ලංකාව ළඟාවීමේදී පහසු ණය ලබා ගැනීම අසීරු වීම අභියෝගයක් වන බව පවසන ලෝක බැකු වාර්තාව, ඉදිරි කාලයේ ගන්නා ණය ආපසු ගෙවීම වඩාත් අසීරු වනු ඇති බවට අනතුරු අඟවයි.
Related