පළාත් මැතිවරණයට ප්‍රධාන පක්ෂ දෙක වෙන වෙනම ලෑස්ති වෙයි
එළැඹෙන මාර්තු මාසයේදී පැවැත්වීමට නියමිත පළාත් පාලන මැතිවරණය ඉලක්ක කර ගනිමින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ එක්සත් ජාතික පක්ෂය කරට කර සටනකට සූද...

https://www.sathhanda.com/2015/10/sri-lanka-elections-2016_17.html
එම මැතිවරණයේදී පක්ෂයේ ජයග්‍රහණය තහවුරු කර ගැනීම සඳහා පක්ෂයේ ප්‍රතිසංවිධාන කටයුතු වෙනුවෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, පක්ෂ භාණ්ඩාගාරික එස්.බී. දිසානායකගේ ප්‍රධානත්වයෙන් කමිටුවක්ද පත්කර ඇති අතර මේ දිනවලදී පක්ෂයේ දිස්ත්‍රික් බල මණ්ඩල රැස්වීම් පැවැත්වෙයි.
එම රැස්වීම් මාලාවෙන් අනතුරුව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පක්ෂයේ ජයග්‍රහණය වෙනුවෙන් එළැඹෙන මාසයේදී ක්‍රියාකාරී ලෙස මැතිවරණ ප්‍රචාරක කටයුතු වෙනුවෙන් සම්බන්ධ වීමට සැලසුම් කර තිබේ.
පළාත් පාලන මැතිවරණය පැවැත්වෙන කාලවකවානුව පිළිබඳ විවිධ අදහස් පළ වුවද ලබන මාර්තු මාසයේදී එය පැවැත්වෙන්නේය යන පදනමින් ඡන්දදායකයන් එජාපයට ආකර්ෂණය වන පරිදි බිම් මට්ටමේ සංවිධාන කටයුතු නොවැම්බර් මාසයේදී ආරම්භ කිරීමට එක්සත් ජාතික පක්ෂය තීරණය කර ඇත.
පසුගිය මහ මැතිවරණයේදී එජාපය මඟින් ක්‍රියාත්මක කළ බිම් මට්ටමේ ප්‍රචාරක ක්‍රමවේදය ඒ අයුරින්ම පළාත් පාලන මැතිවරණයට අදාළවද ක්‍රියාත්මක කරන ලෙස එජාප මහ ලේකම් කබීර් හෂීම් ෙදාළොස්දහසකට අධික ඡන්ද මධ්‍යස්ථාන ආරක්ෂක කමිටුව වෙත දන්වා යවා ඇත.
Related