වෙලේ සුදගේ අල්ලස් බන්ධනාගාර බුද්ධි ලොක්කන්ටත්

වැලිකඩ බන්ධනාගාරයේ ඇතැම් නිලධාරීන් වෙලේ සුදාගෙන් ඊසි කෑෂ් ක්‍රමය හරහා ලබාගත් මුදල් වලින් කොටසක් එම බන්ධනාගාරයේ ඇතැම් බුද්ධි අංශ නිලධාරීන්...

වැලිකඩ බන්ධනාගාරයේ ඇතැම් නිලධාරීන් වෙලේ සුදාගෙන් ඊසි කෑෂ් ක්‍රමය හරහා ලබාගත් මුදල් වලින් කොටසක් එම බන්ධනාගාරයේ ඇතැම් බුද්ධි අංශ නිලධාරීන්ටද ලැබී තිබෙන බවට තොරතුරු අනාවරණය වී තිබේ.

බන්ධනාගාරය තුළ සිදු කෙරෙන නීති විරෝධී ජාවාරම්, කප්පම් ගැනිම්, මත්කුඩු හා වෙනත් ජාවාරම් සහ වෙනත් විවිධාකාර අපරාධ සැලසුම් පිළිබඳ තොරතුරු හා ඒවාට සම්බන්ධ පුද්ගලයන් පිළිබඳ තොරතුරු අනාවරණය කර ගැනීම සඳහා බන්ධනාගාර බුද්ධි අංශයක් යොදවා තිබේ.

එහෙත් පසුගිය කාලයේදී වෙලේ සුදාට විවිධාකාරයේ පහසුකම්, වරප්‍රසාද ලබාදීම සඳහා සහ ඔහුගේ වෙනත් කටයුතු සඳහා බන්ධනාගාර බුද්ධි අංශයේ ඇතැම් නිලධාරීන්ගේ සහාය ලැබී ඇති බවද එම තොරතුරු වලින් අනාවරණය වෙයි.

වෙලේ සුදාගෙන් මෙම ඊසි කෑෂ් ගනුදෙනු සිදු වී ඇත්තේ 072 දුරකතන පද්ධතිය ඔස්සේ වෙයි. බන්ධනාගාරයේ සාමාන්‍ය නිලධාරීන් මෙම ගනුදෙනුවලට සම්බන්ධ වී ලබාගන්නා මුදල් වලින් පංගුවක් එම බන්ධනාගාරයේ ඇතැම් ‍ලොක්කන්ට සහ බුද්ධි අංශයේ ඇතැම් නිලධාරීන්ටද ලැබී තිබේ.

එහෙත් එම ගනුදෙනු පිළිබඳව දැනට වැඩ තහනමට ලක්වී ඇති පිරිසට අමතරව එම ගනුදෙනුවලින් මුදල් පංගුවක් හිමි වූ ඉහළ නිලධාරීන් ගණනාවක් සිටින බව සහ ඔවුන්ගේ නම් ද අනාවරණය වී තිබේ.

මොවුන් පිළිබඳව කරුණු ඉහළට කීමට වැලිකඩ බන්ධනාගාරයේ තවත් පිරිසක් සූදානමින් සිටින බවද එම බන්ධනාගාර ආරංචි මාර්ග සඳහන් කරයි.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 8717834347839731084

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item