වසර 93ක් පසුකලද පෑන අත්නොහැරි ලංකාවේ ජේෂ්ඨතම ක්‍රියාකාරි මාධ්‍යවේදියා

  රට දන්නා ඔහු නමින් එස් පියසේනය. සම්පුර්ණ නම සේනාධීර පියසේනය. බෙන්තර ගංතෙර උතුරෙහි දේවගොඩනම් සුන්දර ග්‍රාමයේ ජන්මලාභය ලැබුවේ 1922 නොවැම්...

 රට දන්නා ඔහු නමින් එස් පියසේනය. සම්පුර්ණ නම සේනාධීර පියසේනය. බෙන්තර ගංතෙර උතුරෙහි දේවගොඩනම් සුන්දර ග්‍රාමයේ ජන්මලාභය ලැබුවේ 1922 නොවැම්බර් 14වැනිදාය. වසර 94ක උපන්දිනය සමරන විටද හෙතෙම ජාතික ‍දිනපතා පුවත්පත් දෙකකට සෑම සිකුරාදාම දේශපාලන තීරු ලිපි දෙකක් සතිපතා සපයනු ලබයි. මාසිකව ශ්‍රී ලංකාවේ සිංහල පුවත්පත්වලටද විදෙස්ගත ශ්‍රී ලංකික ප්‍රජාව ප්‍රකාශයට පත්කරන පහන, සන්නස, සිහනද ඇතුළු පුවත්පත් කිහිපයකටම මාසිකව ලිපිද සපයනු ලබයි. ඇත්ත ඇති සැටියෙන් කිවහොත් ශ්‍රී ලංකාවේ වර්තමානයේ ජීවත්වන ජේෂ්ඨතම මාධ්‍යවේදියා එස් පියසේන සූරින්ය. මෙයට කලින් මෙම වාර්තාව තිබුයේ ඉකුක්දා අප අතරින් සමුගත් දෙටු ප්‍රවීණ පුවත්පත් කලාවේදී ඩී.එෆ් කාරියකරවනයන්ටය.

එස් පියසේනයන් ගේ මතක ශක්තිය සුවිශේෂිය. ඔහුගේ වෘත්තීය පුවත්පත් කලාවට දැන් වසර 73කි. මතකය ඇවිදින පුස්තකාලයක් මෙනි. එය දේශීය, විදේශීය ඕනෑම කරුණක් වෙනුවෙන් විවර වන්නකි. වඩාත් සුවිශේෂි වන්නේ එම මතක ගබඩාව නිර්මාණයකරණයේ යෙදෙන ඕනෑම පුද්ගලයෙකු සමඟ නො‍මිලේ ‍ලබාදීමට ඔහු සතුව ඇති පරිත්‍යාගශීලිත්වයයි. සමකාලීන දේශපාලන සිදුවිම්වල අලගිය මුලගිය තැන් බොහෝ මාධ්‍යවේදීහු දැනුවත්භාවයට පත්වන්නේ ඔහු ගෙනි. පියසේන සූරින් ඉන් ලබන්නේ නිම්හිම් නැති සතුටකි. ඉතිහාසගත මාධ්‍යවේදියෙකුවූ ඔහු වර්තමානයේද මාධ්‍යයට සම්පතකි.

කලකට ඉහත 1995දී දිවියෙන් සමුගත් කැගල්ලේ සෝමා කරුණාතිලක ඔහුගේ බිරිඳය. ඇය සමඟ අවාහ වූයේ 1944 අප්‍රේල් 19වැනිදාය. ඔවුනට දූ දරුවන් පස් දෙනෙකි. වැඩිමලා කලක් දවස පුවත්පතේ වැඩකල මාධ්‍යවේදියෙකු වූ එක්සත්ය. දෙවැන්නා ශ්‍රී ලංකාවේ සිටින ඉංග්‍රීසි පුවත්පත් කතුවරයෙකුදවූ ජේෂ්ඨ මාධ්‍යවේදී සුගීස්වරය. කලක් ලේක්හවුස් ආයතනයේ නියෝජ්‍ය පුස්තකාලාධිපතිවරයාවූ තෙවැනි දරුවාවූ රුවන් දැන් ඔස්ට්‍රේලියාවේද පුස්තකාලාධිපතිවරයෙකි. හිටපු වාණිජ්‍ය අධ්‍යක්ෂක ජනරාල් සහ ජිනීවාවල හිටපු තානාපති ගෝමි සතරවැන්නාය. පස්වැන්නා වූ මුදිතා වර්තමානයේ ඕස්ට්‍රේලියානු ගුවන්විදුලි සේවයේ නිෂ්පාදිකාවකි. පියසේනයන්ට මුණුබුරු මිනිබිරියන් 5 දෙනෙකි. එක් මිනිබිරියක්ද ඕස්ට්‍රේලියානු ගුවන්විදුලි සේවයේ මධ්‍යස්ථානයක මාධ්‍යවේදිනියකි.

කොළඹ ආනන්ද විදුහලින් අධ්‍යාපනය ලත් අවදියේදී පියසේනයන්ගේ ගුරුවරුන් වූයේ ටිබෙට් ජාතික එස්. මහින්ද හිමි, තල්පාවිල සීලවංශ හිමි වැනි ජාතික සටනේ ක්‍රියාධරයන්ය. විදුහල්පති පී.ද.එස් කුලරත්නයන්ය. ආනන්දයේදී අශෝතියන් නමින් තෛයිමාසික සිංහල සහ ඉංග්‍රීසි සඟරාවේ වරෙක සංස්කාරකවරයා වූයේද ඔහුය. හලාවත මහවැව විදුහලේ 1900 මුල් ගරුවරයාවූ පියසේනගේ පියාවන ඕදිරිස් අප්පුහාමි ඉඩම්හිමි වැවිලිකරුවෙකි. එමෙන්ම 1935 පොල්ගහවෙල ගම් සභාවට ඡන්දයෙන් පත්වූ සභිකයෙකි. මෑණියන්වූ චලෝ නෝනා මියගියේ පියසේනයන්ට වයස 5ක් සම්පූර්ණ වන්නටත් මත්තෙනි. දරුවන් තිදෙනා වෙනුවෙන් කැපවූ පියා යළි විවාහ නොවූ අතර ‍නෑ හිතවතුන් ඔවුන් ඉතා හොදින් රැකබලා ගත්හ.

ඉහළ අධ්‍යාපනය සඳහා කල්කටා සරසවියට ඇතුල්වූ ඔහු පසුව ඉන්දියානු කොමියුනිස්ට් පක්ෂය තහනම්වූ එකල ඒ වෙනුවෙන් ක්‍රියාත්මකවූ බෙංගාලි කම්කරු පක්ෂයේ උද්යෝගිමත් ක්‍රියාකරුවෙක් බවට පත්විය. එහි ශිෂ්‍ය ව්‍යාපාරයේ සාමාජිකයින් සමඟ නැෂනල් ප්‍රන්ට් පත්තරය මහපාරේ විකිණීමටද ඔහු එක්විය.

ශ්‍රී ලංකාවට 1942 පැමිණි අතර එම වසරේ ආරම්භකල කොමියුනිස්ට්වාදින්ගේ නවශක්ති පුවත්පතේ කතුවරයා සහ ප්‍රකාශකයා විය. ටැබ්ලොයිට් පිටු 4 පුවත්පතක්වූ නවශක්තියේ මිල සතයකි. කලින් කතෘ සහ ප්‍රකාශකයාවූ ඩී.පී. යසෝදිස් බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයට එරෙහිව පුවත්පතින් කරුණු කියාපෑම නිසා සිටියේ සිරගතවය. සමසමාජ පුවත්පතේ 1936 කතුවරයා වූයේ බී.ජේ. ප්‍රනාන්දුය. ඉන්දියානු කොමියුනිස්ට් පක්ෂය 1943 නීත්‍යානුකූල කිරීමත් සමඟම ආරම්භවූ ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ 11දෙනාගෙන් දැනට ජීවිතුන් අතර සිටින එකම තැනැත්තාද එස් පියසේනයන්ය. සෙසු මධ්‍යම සභිකයින් වූයේ දොස්තර එස්.ඒ. වික්‍රමසිංහ, පීටර් කේනමන්, වෛද්‍යලිංගම්, ආරියරත්න, රාමනාදන්, කුලතුංග ඇතුළු පිරිසකි.

දියණිය මුදිතා මාධ්‍යවේදිනියක ලෙස ඕස්ට්‍රේලියාවට සංක්‍රමණය වීමත් සමඟම 1991දී එහි ගිය එස්. පියසේන යුවල ඕස්ට්‍රේලියානු පුරවැසියන් බවට පත්විය. දැන් ඔහු ඕස්ට්‍රේලියානු කොමියුනිස්ට් පක්ෂයේ 1995 සිට සාමාජිකයෙකි. පසු කළෙක ශ්‍රී ලංකාවේ නේවාසික වීසා වාර්ෂිකව අලුත් කරගනිමින් ශ්‍රී ලංකාවේම මාධ්‍යකරණයේ නියැලේ.

ඩීමන් ආනන්දට පෙර රහස් පරික්ෂක මාරක කථා 6ක් පළමුවරට එළි දැක්වුයේද ඔහුය. එය ගුවන්විදුලියේ නිෂ්පාදනය කල රහස් පරික්ෂක කථා ඇසුරෙන් ප්‍රකාශිත ග්‍රන්ථයන්ය. මාරක ගින්න නම්වූ ප්‍රථම කථාව ලිහිණි පොත් මගින් ප්‍රකාශයට පත්වූයේ 1954 මාර්තු මසය. මිල රුපියල් 1.50කි. ලේක්හවුසියේ උප කර්තෘ සහ දේශපාලන වාර්තාකරු වශයෙන් 1948 පෙබරවාරි 1වැනිදා සේවයට බැදුණු ඔහු 1948 පෙබරවාරි 4වැනිදා පැවති ප්‍රථම නිදහස් උත්සවේද වාර්තාකරුවෙකු විය. එකළ ලේක්හවුසියේ අධ්‍යක්ෂක වූයේ රනිල් වික්‍රමසිංහගේ පියාවූ එස්මන්ඩ් වික්‍රමසිංහයන්ය. වමට බර මාධ්‍යවේදින්ට අතහිත දුන් එස්මන්ඩ් වික්‍රමසිංහයෝ ආනන්ද කුමාර, හෙන්රි පීරිස්, එම්.ඒ. ද සිල්වා, ඩෙන්සිල් පීරිස් ඇතුළු පුවත්පත් කලාවේදීන් රැසකට ලේක්හවුසියේ දොර විවර ‍කළේය.

ලංකා ගුවන්විදුලි සේවයට 1951 නිෂ්පාදකයෙකු වශයෙන් එක්වී පසුව නාට්‍ය සහ විශේෂාංග නියෝජ්‍ය සම්පාදක වශයෙන් කටයුතු කල පියසේනයන් ගේ සමකාලිනයන් වූයේ තේවිස් ගුරුගේ, පී. වැලිකල, ඩී.එම් කොළඹගේ, එච්.එම්. ගුණසේකර, කරුණාරත්න අබේසේකර, නන්දා ජයමාන්න ආදිහුය. පාර්ලිමේන්තුවේ ප්‍රථම සිංහල සමගාමි කතා පරිවර්තකයා වශයෙන් 1956 මැයි 1වැනිදා සේවයට බැදී වසර 3 සේවයකල ඔහු පවසන්නේ පීටර් කේනමන්, ජී.ජී පොන්නම්බලම් වැනි අයගේ මැති සබේ කථාවලින් බොහෝ දේ ඉගෙනගත හැකි බවය. විශිෂ්ඨතම දේශපාලඥයෙකු ලෙස ඔහු හැදින්වූයේ රොබට් ගුණවර්ධනයන්ය.

සමස්ත ඉන්දීය ගුවන්විදුලි සේවයේ වසර 11 සේවයේ යෙදුණු පියසේනයන් පළමු සිංහල වැඩසටහන සාංචියේ සිට ඇරඹුවේ ප්‍රථම බෞද්ධ වැඩසටහන වශයෙනි. දවස පුවත්පතේ 1977දී නියෝජ්‍ය කතුවරයාවූ ඔහු පසුව ලේක්හවුස් කර්තෘ මණ්ඩල විධායක ලෙසද කටයුතු කළේය. 

ශ්‍රී ලංකාවේ ජේෂ්ඨතම ක්‍රියාකාරි මාධ්‍යවේදියා වන එස්. පියසේනයන්ගේ මාධ්‍ය ජීවිතය, මාධ්‍ය කේෂ්ත්‍රයට පිවිසෙන්නන්ට අත්පොතක් බඳුය. අභියෝග තුළින් ඔහුගේ මාධ්‍ය ජීවිතයට ලැබුණේ පන්නරයකි. මාධ්‍ය ජීවිතයේ ඔහුගේ අත්දැකීම් ඇතුළත් ග්‍රන්ථ කිහිපයක්ද මෑත කාලයේ නිකුත් කිරීමට ඔහු සමත් විය. ලේඛන කලාව පරිශීලනය කරන අයට සහ ඉතිහාසය ආවර්ජනය කරන්නන්ට 011-3090275 දුරකථනයෙන් සිය දැනුම සහ මතකයන් බෙදාදීම පියසේනයන් සලකන්නේ යුතුකමක් සහ වගකීමක් ලෙසිනි.(The writer is a senior journalist who could be reached atejournalists@gmail.com OR 011-5234384)


ධර්මන් වික්‍රමරත්න 



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

විශේෂාංග 7401444472052653896

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item