සතියකට ශ්‍රී ලාංකිකයන් 9 ක් ඒඩ්ස් වෛරසයට ගොදුරු වෙනවා - විශේෂඥ වෛද්‍ය සිසිර ලියනගේ
සතියකට මෙරට පුද්ගලයන් නව දෙනකුට එච්. අයි වී/ඒඩ්ස් වෛරසය ශරීරගත වන බව අනාවරණය වී ඇති අතර එම වෛරසය ශරීරගත වූවන්ගෙන් සිවුදෙනකු සොයා ගැනෙන බව ...

https://www.sathhanda.com/2015/11/9_25.html
අවදානම් හැසිරීම් රටාවන් හේතුවෙන් මෙරටින් සොයා ගැනෙන එච්. අයි. වී. /ඒaඩ්ස් වෛරසය ශරීරගත වූවන්ගේ සංඛ්‍යාවට වඩා වැඩි සංඛ්‍යාවක් මෙරට සිටිය හැකි බව අනුමාන බවද වෛද්‍ය ලියනගේ කීවේය.
ලිංගික ශ්‍රමිකයන්, ලිංගික ශ්‍රමිකයන් ඇසුරු කරන්නන් සම ලිංගික පිරිමින්, බහු ලිංගික පිරිමින් මැද පෙරදිග ඇතුළු විදේශීය රටවලට රැකියා සඳහා යන සංක්‍රමණිකයන් හා අභ්‍යන්තර සංක්‍රමණිකයන්, මත්ද්‍රව්‍ය එන්නත් කර ගන්නන්, මෙරට එච්. අයි. වී/ ඒඩ්ස් වෛරසයට ගොදුරුවීමේ වැඩි අවදානමක් පවතින කණ්‌ඩායම් ලෙස හඳුනා ගෙන ඇතැයිද හෙතෙම අවධාරණය කළේය.
යමෙකු අවදානම් සහගත අනාරක්‍ෂිත ලිංගික සබඳතාවක් පවත්වා ඇත්නම් එච්. අයි. වී. /ඒඩ්ස් වෛරසය ශරීරගත වී ඇත්දැයි දැන ගැනීම සඳහා වහාම රජයේ ලිංගාශ්‍රිත රෝග සායනයකට යොමු වී පරීක්‍ෂා කර ගන්නා ලෙස වෛද්‍ය ලියනගේ අදාළ කණ්‌ඩායම්වලින් ඉල්ලීම් කළේය.
පසුගිය වසරේදී (2014) මෙරටින් සොයා ගැනුණු එච්. අයි. වී./ ඒඩ්ස් වෛරසය ශරීර ගත වූවන් 228 දෙනාගෙන් 43 දෙනකුම ප්‍රතිකාර සඳහා යොමුවී නැතැයි ද එම නිසා එවැනි අය හරහා සමාජය තුළ ඒඩ්ස් රෝගය පැතිර යා හැකි බව හෙතෙම සඳහන් කළේය.
නිසි පරිදි ප්‍රතිකාර අඛණ්‌ඩව ලබා ගන්නේ නම් එච්අයිවී ආසාධිතයකුට ඒඩ්ස් රෝගයට ගොදුරු නොවී සාමාන්‍ය පුද්ගලයකුගේ ආයු කාලය ගත කළ හැකි බවත් එච්. අයි. වී./ඒඩ්ස් වෛරසය ශරීරගත වූවන් සඳහා ජාතික ලිංගාශ්‍රිත රෝග/ඒඩ්ස් මර්දන වැඩසටහන හරහා නොමිලයේ බෙහෙත් හා ප්‍රතිකාර ලබා දෙන බැවින් නොපමාව එම පහසුකම් ලබා ගැනීමට එච්. අයි. වී. ආසාධිතයන්ට හැකියාව ඇති බවත් වෛද්‍ය ලියනගේ පැවසීය.
ඊයේ (24 දා) කොළඹ සෞඛ්‍ය ආයතන කාර්යාංශයේ පැවැති මාධ්‍ය සම්මන්ත්‍රණයක් අමතමින් ඔහු මෙම කරුණු අනාවරණය කළේය. දෙසැම්බර්Êපළමුවැනිදාට යෙදී ඇති ලෝක ඒඩ්ස් දිනය නිමිත්තෙන් පැවැති මෙම සම්මන්ත්‍රණය අමතා වෛද්‍ය අමල් හර්ෂ ද සිල්වා, වෛද්‍ය සත්‍යා ලියනගේ, ප්‍රින්සි මංගලිකා යන අය ද කතා කළහ.
Related