දැරියකට අතවර කළ ගුරුතුමා දස වසරක් හිරේ
බාලවයස්‌කාර දැරියකට අතවර කිරීමේ සිද්ධියක් සම්බන්ධව පැවැති දීර්ඝ නඩු විභාගයකින් අනතුරුව පුත්තලම මහාධිකරණ විනිසුරු ඩබ්. ඒ. එල්. ඩෙප්ත් මහතා ...

https://www.sathhanda.com/2015/11/blog-post_86.html
මෙලෙස සිරදඬුවම් නියම වූයේ කල්පිටිය සින්ඩිකුඩිරිප්පුව ප්‍රදේශයේ පදිංචිව සිටි මොහොමඩ් ඉම්රාහිම් මොහොමඩ් අශ්වර් නම්වූ කන්දකුලිය ප්‍රදේශයේ පාසලක ගුරුවරයකුටය.
1999 වර්ෂයේ අප්‍රේල් 05 හෝ ඊට ආසන්න දිනයකදී 16 හැවිරිදි දැරියක බලහත්කාරයෙන් දූෂණය කිරීමේ සිද්ධිය සම්බන්ධව කල්පිටිය පොලිසිය මගින් නඩුව පවරා තිබුණි. දීර්ඝ නඩු විහාගයකින් අනතුරුව මෙම දඬුවම නියම කළ අතර මීට අමතරව රු. 5000 දඩමුදලක් ගෙවන ලෙසත් එය නොගෙවන්නේ නම් තවත් වසරක සිරදඬුවමක් ද වින්දිත දැරියට රු. 15,000 ක දඩ මුදලක් ගෙවන ලෙසද එම මුදල නොගෙවන්නේ නම් ඉහත සිරදඬුවමට අමතරව තවත් වසර 2 ක සිරදඬුවමක් ද මහාධිකරණ විනිසුරු නියම කළේය.
Related