අගමැතිවරයාගේ ආර්ථික ප්‍රතිපත්ති ප්‍රකාශය සහ අයවැය අතර පරස්‌පරයක් තිබෙනවා - ආචාර්ය නලින් අබේසේකර
අගමැතිවරයාගේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ සෘජු බදු වැඩි කරගෙන වක්‍ර බදු අඩුකර ගත යුතු බව සඳහන් වුවද, මුදල් ඇමතිවරයා ඉදිරිපත් කළ අයවැයේ වක්‍ර බදු ...

https://www.sathhanda.com/2015/11/blog-post_68.html
රටක ආර්ථිකයක දිගු කාලීන අරමුණු ඉටු කර ගැනීමට වසරක් වැනි කාලයකට සකස් කරන අයවැය වැදගත් නිර්ණායකයක්. මෙවර අයවැය තුළින් එය ඉටු වුනාද කියා විමසා බැලිය යුතුයි. උදාහරණ වශයෙන් පසුගියදා අග්‍රාමාත්‍යතුමා ආර්ථික ප්‍රතිපත්ති ප්‍රකාශනය ලෙස ඉදිරිපත් කළ අරමුණු මේ තුළ කොතරම් දුරකට සාකච්ඡා වී ඇතිද කියා සොයා බැලුවොත් මිශ්‍ර ප්‍රතිඵල විශ්ලේෂණයක් දැකිය හැකිය. ආර්ථික ප්‍රතිපත්ති ප්‍රකාශනය තුළ වක්‍ර සහ සෘජු බදු අනුපාතිකය 80% - 20% සිට 60% -40% දක්‌වා රටක සංවර්ධන සමග යාවත්කාලීන කිරීමට යෝජනා කළත් මෙවර අයවැය තුළින් නැවත වරක් වක්‍ර බදු ප්‍රවර්ධනයට කටයුතු කිරීම පරස්‌පරයක් ලෙස දැක්‌විය හැකියි. ඕනෑම රටක දිගු කාලීන තිරසාර වර්ධනයකට කෙටි කාලීන ක්‍රමශිල්ප එම දිගු කාලීන අරමුණු සමග ඒකාත්මක විය යුතු බවත් රටේ ප්‍රමාණික බුද්ධිමතුන් සහ සැදුම්ලත් වෘත්තික මණ්‌ඩලයක් තුළින් මනා සැලසුමක් සහ එම ක්‍රියාවලිය පාලනය කිරීමක් තිබිය යුතු බවද ආචාර්ය නලින් අබේසේකර තවදුරටත් කීවේය.
Related