හවුල් ආණ්‌ඩුවේ අයවැය පැරදවීමට රටට ආදරය කරන අය ඡන්දය දිය යුතුයි - සෝමවංශ අමරසිංහ
ජනතාවගේ හිස මත බදු බර පටවමින් රට විදේශිකයන්ට විකිණීම සඳහා සකස් කර ඇති මෛත්‍රී - රනිල් හවුල් ආණ්‌ඩුවේ මංගල අයවැය පරාජයට පත් කිරීම සඳහා රටට ...

https://www.sathhanda.com/2015/11/blog-post_69.html
මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් කරුණු දැක්‌වූ අමරසිංහ මෙසේද පැවසීය. මේ අයවැය ලේඛනය සුරංගනා කතාවලින් සහ සංඛ්‍යාලේඛනවලින් පිරුණු හිස් කොළයක් විතරයි. මේ රට ආර්ථික වශයෙන් ශක්‌තිමත් කරන්න මේ ආණ්‌ඩුවට නිවැරැදි දැක්‌මක් හෝ වැඩපිළිවෙළක් නැහැ.
ජනතාවගේ හිස මත බදු බර පටවලා ජනතාව දීර්ඝ කාලයක් තිස්‌සේ භුක්‌ති විඳපු සහන කප්පාදු කරලා, රටක් දියුණු කරන්න බැහැ. මේ අය - වැය ලේඛනයේ රට ආර්ථික වශයෙන් ශක්‌තිමත් කරන රටේ සංවර්ධන වැඩපිළිවෙළ වේගවත් කරන අලුත් යෝජනා කිසිවක් නැහැ.
Related