ජනපතිට මුදල් ඇමති දිරවගන්න බැරි ලණුවක් දීලා - බන්දුලගෙන් ජනපතිට වාර්තාවක් (VIDEO)
අයවැය ලේඛනය මගින් පාර්ලිමේන්තුවත්, රටත්, ජනතාවත්, ජනාධිපතිවරයාත් රවටා තිබෙන අන්දම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට ලියකියවිලි සහිතව ඊයේ (2...

https://www.sathhanda.com/2015/11/video_75.html
බොරැල්ල ඇන්.ඇම්. පෙරේරා කේන්ද්‍රයේ පැවැති ඒකාබද්ධ විපක්ෂයේ මාධ්‍ය හමුවට එක්වෙමින් මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේය.
"ජනාධිපති ලේකම් කාර්යාලයේදී ජනාධිපතිතුමා මුණගැසී අයවැයේ ඇති බරපතළ තත්ත්වය ගැන පැහැදිලි කළා. පාර්ලිමේන්තුවත් ජනතාවත් මුලාකරමින් ඉදිරිපත් කළ අයවැයක් බවට එහිදී ජනාධිපතිතුමාට තේරුම් කර දුන්නා. ජනාධිපතිතුමා අපහසුතාවයට පත්කරමින් එක්සත් ජාතික පක්ෂය ලණුවක් දී ඇති බවට ලිපිලේඛන සහිතව ජනාධිපතිතුමාට පෙන්වා දුන්නා" යනුවෙන් මන්ත්‍රීවරයා පැවසී ය.
අධ්‍යාපනය වෙනුවෙන් ජාතික ආදායමෙන් සියයට හයක් වෙන් කළායැයි කීවද එතරම් ගණනක් වෙන් කර නැති බව හා අයවැයෙන් ජනපතිට දී තිබෙන්නේ දිරවීමට නොහැකි ලණුවක් බව සිරිසේන මහතාට පැවසූ බව ද ගුණවර්ධන මහතා සඳහන් කළේය.
මේ ගැන අගමැති හා මුදල් ඇමැති සමග සාකච්ඡා කරන බව ජනපති දැනුම් දුන් බව ද ඔහු කීවේය.
Related