සෝභිත හිමියන්ට අවසන් ගෞරව දැක්වූ මුස්ලිම්වරුන් [PHOTOS]
අපවත් වී වදාළ පූජ්‍ය මාදුළුවාවේ සෝභිත හිමියන්ගේ දේහයට අවසන් ගෞරව දැක්වීම සඳහා මුස්ලිම්වරුන් විශාල ප්‍රමාණයක් ඊයේ (09)රාත්‍රියේ කෝට්ටේ ශ්‍රී...

https://www.sathhanda.com/2015/11/photos.html
අපවත් වී වදාළ පූජ්‍ය මාදුළුවාවේ සෝභිත හිමියන්ගේ දේහයට අවසන් ගෞරව දැක්වීම සඳහා මුස්ලිම්වරුන් විශාල ප්‍රමාණයක් ඊයේ (09)රාත්‍රියේ කෝට්ටේ ශ්‍රී නාග විහාරයට පැමිණ තිබෙනවා.
ශ්‍රී ලංකාව තුළ වූ ආගමික සංහිඳියාවට නව පණක් ලබාදුන් අවස්ථාවක් ලෙස මෙය පෙන්වා දිය හැකියි.
මේ අතර පූජ්‍ය මාදුළුවාවේ සෝභිත හිමියන්ගේ අදාහන පූජෝත්සවය පැවැත්වෙන ලබන 12 වනදා බස්නාහිර පළාතේ සියලු පිරිවෙන් වලට නිවාඩු ලබා දීමට රජය තීරණය කර තිබෙනවා.
ඊට අමතරව එදිනට ශ‍්‍රී ජයවර්ධනපුර අධ්‍යාපන කලාපයේ සියලු පාසල් වලට නිවාඩු ලබා දීමටද තීරණය කර ඇති බව බස්නාහිර පළාත් අධ්‍යාපන අමාත්‍ය රංජිත් සෝමවංශ ප‍්‍රකාශ කළා.
Related