කැලිෆෝනියා වෙඩිතැබීමෙන් 14 ක් මරුට-14 ට තුවාලයි
අමෙරිකා එක්සත් ජනපදයේ කැලිෆෝනියා ප්‍රාන්තයේ සැන් බර්නාදිනෝහි සන්නද්ධ කණ්ඩායමක් විසින් කළ වෙඩිතැබීමකින් අවම වශයෙන් පුද්ගලයින් 14...

https://www.sathhanda.com/2015/12/14-14.html
අමෙරිකා එක්සත් ජනපදයේ කැලිෆෝනියා ප්‍රාන්තයේ සැන් බර්නාදිනෝහි සන්නද්ධ කණ්ඩායමක් විසින් කළ වෙඩිතැබීමකින් අවම වශයෙන් පුද්ගලයින් 14 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තවත් 14 දෙනෙකු පමණ තුවාල ලබා තිබේ.
ඉකුත් දින සවස අබාධිත වැඩිහිටියන් රැකබලාගන්නා සමාජ සේවා ආයතනයකට මෙම ප්‍රහාරය එල්ලවී ඇති බව විදෙස් පුවත් අනාවරණය කරයි.
එරට ආරක්ෂක අංශයක නිල ඇඳුමට සමාන ඇඳුමකින් සැරසී මෙම සන්නද්ධ පිරිස පැමිණ ඇති බව බී.බී.සී ලෝක සේවය සඳහන් කරයි.
මෙම සමාජ සේවා ආයතනයට කළ වෙඩිතැබීමත්, ඊට පසුව පැමිණි පොලීසිය හා මෙම සන්නද්ධ සාමාජිකයින් අතර වෙඩි හුවමාරුවත් පැය 4ක පමණ කාලයක් පැවතී තිබේ.
කෙසේ වෙතත් මෙම වෙඩි හුවමාරුවේදී එක් සන්නද්ධ සාමාජිකයෙකු මිය ගොස් ඇති බව කියැවයි.
ප්‍රහාරය ජාත්‍යන්තර ත්‍රස්තවාදයට සම්බන්ධයක් නැති නමුත් දේශීය ත්‍රස්ත කණ්ඩායමක් විය හැකි බවට එෆ්.බී.අයි නිලධාරියෙක් පෙන්වාදී තිබේ.
Related