ඉතිහාසයේ ප්‍රථම වතාවට පරිපාලන සේවයත් වැඩවර්ජනයක - අද රට පුරා වර්ජන
පරිපාලන සේවා ඉතිහාසයේ ප්‍රථම වතාවට තම සංගමයත් වෘත්තීය ක්‍රියාමාර්ගයකට යොමුවන බව ශ්‍රී ලංකා පරිපාලන සේවා සංගමය පවසයි. අයවැයට විරෝධය...

https://www.sathhanda.com/2015/12/blog-post_28.html
පරිපාලන සේවා ඉතිහාසයේ ප්‍රථම වතාවට තම සංගමයත් වෘත්තීය ක්‍රියාමාර්ගයකට යොමුවන බව ශ්‍රී ලංකා පරිපාලන සේවා සංගමය පවසයි.
අයවැයට විරෝධය දක්වමින් අද (03) සංඛේතාත්මක වැඩ වර්ජනයකට යොමුවන බව එම සංගමයේ ලේකම් රෝහණ ද සිල්වා මහතා ඒෂීයන් මිරර් වෙබ් අඩවියට පැවසුවේය.
ඒ අනුව අද දිනයේදී අකුරට වැඩ කිරීමේ ක්‍රියාමාර්ගයක් මෙන්ම සෙත්සිරිපාය හා පුංචි බොරැල්ල ආගමන විගමන දෙපාර්තමේන්තුව ඉදිරිපිට පස්වරු 12.00 සිට පස්වරු 1.00 දක්වා කෑම පැයේදී විරෝධතාවක් ක්‍රියාත්මක කිරීමට සූදානම් බවත් හෙතෙම සඳහන් කළේය.
අය වැය යෝජනාවලට විරෝධය පළ කිරීම එහි අරමුණ බවත් අද පෙරවරු 8.30 සිට 4.15 දක්වා සාමාන්‍ය රාජකාරීවල පමණක් නිරත වීමටත්, ක්ෂේත්‍ර රාජකාරීවලින් වැළකීමටත් කටයුතු කරන බවත් ඔහු පැවසී ය.
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයද අද පෙරවරු 8 සිට වැඩවර්ජනයක් ආරම්භ කරන බව දැනටමත් ප්‍රකාශ කර තිබේ.මේ අතර අය වැයට විරෝධය පළ කර තවත් රාජ්‍ය ආයතන ගණනාවක වෘත්තීය සමිති වෘත්තීය ක්‍රියාමාර්ගවලට එළඹීමට කටයුතු කරමින් සිටින බව වාර්තා වේ.
මෙතෙක් ලද වරප්‍රසාද මෙවර අයවැය මගින් කප්පාදු කිරීමට එරෙහිව වෛද්‍යවරු, ඉංජිනේරුවරු, පරිපාලන සේවකයෝ, මිනින්දෝරුවරු, ගණකාධිකාරිවරු ඇතුළු වෘත්තීය සංගම් දාහතක් අද දීපව්‍යාප්ත වැඩ වර්ජනයක නියැළෙයි.
ඒ අනුව රාජ්‍ය සේවා ඉංජිනේරු සංගමය, රජයේ පශු වෛද්‍ය නිලධාරී සංගමය, රජයේ දන්ත වෛද්‍ය නිලධාරී සංගමය සහ ශ‍්‍රී ලංකා අධ්‍යාපන පරිපාලන සේවා සංගමය අද සිදුකෙරෙන වෘත්තීය ක්‍රියාමාර්ගවලට සහය පළ කර ඇතැයිද වාර්තා වේ.
Related