අය වැයෙන් හැමෝටම කොකා පෙන්නලා
මෙවර අය වැයට විරුද්ධ වුණේ ශ්‍රීලනිපයේ දර්ශනයට හා ප්‍රතිපත්තියට එය තර්ජනයක් වන නිසා යැයි සන්ධාන මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම පවසයි. එම අය ...

https://www.sathhanda.com/2015/12/blog-post_21.html
මෙවර අය වැයට විරුද්ධ වුණේ ශ්‍රීලනිපයේ දර්ශනයට හා ප්‍රතිපත්තියට එය තර්ජනයක් වන නිසා යැයි සන්ධාන මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම පවසයි.
එම අය වැයේ බණ්ඩාරනායක, මහින්ද, මෛත්‍රි යන කිසිවෙකුගේ චින්තන නැති බවත්, එහි ඇත්තේ ජයවර්ධන - වික්‍රමසිංහ සම්මිශ්‍රණයක් බව පෙන්වාදෙයි.
කොළඹදී අද පැවැති ඒකාබද්ධ විපක්ෂයේ මාධ්‍ය හමුවකදී ඔහු මේ බව පැවසීය.
මෙම අය වැයේ වී, තේ, රබර් ගොවීන් මෙන්ම රාජ්‍ය සේවකයින්ට කොකා පෙන්නා ඇති බවත්, සරසවි ආචාර්යවරුන්ට ද එය එසේම බවත්, මන්ත්‍රීවරයා කීවේය.
ඒ අනූව මෙය ශුද්ධ බොරුවක් බවත්, එය සුහද කොකා කියා නම් කළ හැකි බවත්, ඔහු පැවසීය.
රවී කරුණානායක මුදල් ඇමතිවරයා ජනපති පවා නොමග යැවූ බවද ඔහු පෙන්වාදුන්නේය.
ඒ අනූව අය වැයෙන් අධ්‍යාපනයට සියයට 5.6ක් වෙන් කළැයි ජනපති උත්සවයකදීත් කියා සිටි බව හෙතෙම පැවසීය.
මාධ්‍ය හමුව ඇමතු ගාමිණි ලොකුගේ මන්ත්‍රීවරයා පැවසුවේ අය වැයෙන් ගොවීන් අසීරුවට පත්ව ඇති බවයි.
මේවන විට පොහොර මිටියක් රුපියල් තුන්දහස් ගණනක් වන බවද, ලක්ෂරි කාර් බදු අඩු කර ඇති බවත්, බට්ටාගේ දුම් සහතිකයද වැඩිකර ඇති බවත්. පැවසීය.
එසේම කැසිනෝ බදු වැඩිකර රෙජිනෝ බදු අඩු ඇතැයි ද කැමති නම් ඡන්දය දෙන්නැයි ද අකමැතිනම් විරුද්ධවන්නැයි ද ජනපති කී නිසා අය වැයට විරුද්ධව ඡන්දය දුන් බව හෙතෙම වැඩිදුරටත් කියා සිටියේය.
Related