වැය ශීර්ෂය පරාද නම් ඇමැති අස්වෙන්න ඕනෑ – මහ ඇමැති ඉසුර දේවප්‍රිය
වැය ශීර්ෂ පරාජයට පත් වූ බස්නාහිර පළාත් සෞඛ්‍ය අමාත්‍ය නිශාන්ත ශ්‍රී වර්ණසිංහට අයත් විෂය පථය ප්‍රධාන අමාත්‍ය ඉසුර දේවප්‍රිය යටතට පත් කිරීම...

https://www.sathhanda.com/2015/12/blog-post_210.html
වැය ශීර්ෂ පරාජයට පත් වූ බස්නාහිර පළාත් සෞඛ්‍ය අමාත්‍ය නිශාන්ත ශ්‍රී වර්ණසිංහට අයත් විෂය පථය ප්‍රධාන අමාත්‍ය ඉසුර දේවප්‍රිය යටතට පත් කිරීමට නියමිත බව විශ්වාස කටයුතු ආරංචි මාර්ග රිවිරට පැවසීය.වැය ශීර්ෂ පරාජයට පත්වීම හේතුවෙන් පළාත් සෞඛ්‍ය අමාත්‍ය නිශාන්ත ශ්‍රී වර්ණසිංහ මේ වන තෙක් ඉන් ඉල්ලා අස් නොවීම මීට හේතුව වී ඇතැයි වාර්තා වේ.
යම් අමාත්‍යාංශයක වැය ශීර්ෂයක් පරාජයට පත් වූ පසු පළාත් සභා පනතට අනුව එම විෂය පථය පළාත් ප්‍රධාන අමාත්‍යවරයා යටතට පැවරෙනු ඇත.
එහෙත් මේ වන විට එම අමාත්‍යාංශයට අදාළ මූල්‍ය ප්‍රතිපාදන ලබා දෙන්නේ කෙසේදැයි ‘රිවිර’ ප්‍රධාන අමාත්‍ය ඉසුර දේවප්‍රිය ගෙන් විමසීමක් කළේය.
“වැය ශීර්ෂයක් පරාජය වුණාම ඒක මට පවර ගන්න පුළුවන්. නමුත් මම තවම එහෙම කළේ නැහැ. එතුමා දැන ගන්න ඕන සදාචාරයට අනුව මුළු සභාවෙම විරුද්ධත්වයක් තියෙනවා නම් ඉල්ලා අස්වෙන්න. තවම එතුමා එහෙම කරලා නෑ. අපි බොහොම අපහසුවෙන් වුවත් පළාත් සභාව සමගියෙන් ඉදිරියට ගෙනියනවා. ඒ නිසා මෙවැනි ප්‍රශ්න ආවාම ඒ සමගියට බාධා වෙනවා. වැය ශීර්ෂ පරාදයි නම් එතුමා එවෙලේම ඉල්ලා අස්වෙන්න ඕනෑ. යහපාලනය කියන්නේ ඒක තමයි” හෙතෙම පැවසීය.
රුචිර දිලාන් මධුසංඛ
Related