වී අලෙවි මණ්ඩලය අර්බුදයක
නිසි ඉල්ලුමක් නොමැතිකමින් රජය සතු වී තොග ගබඩාවල ගොඩ ගැසී ඇතැයි වී අලෙවි මණ්ඩලය පවසයි. රජය සතු වී තොගවලින් මෙට්‍රික් ටොන් දෙලක්ෂ හැටපන්ද...

https://www.sathhanda.com/2015/12/blog-post_725.html
රජය සතු වී තොගවලින් මෙට්‍රික් ටොන් දෙලක්ෂ හැටපන්දහසක් පෞද්ගලික අංශයට අලෙවි කිරීමට සූදානම් කර තිබුණ ද ඉන් අලෙවි වී ඇත්තේ මෙට්‍රික් ටොන් 1500 පමණක් බව එහි සභාපති එම්.බී. දිසානායක පැවසීය.
පසුගිය කන්නවලදී ගොවීන්ගෙන් මිලදීගත් වී තොග මේ වනවිට රජයේ ගබඩාවල ගොඩ ගැසී තිබේ.
ලබන මාස් කන්නයේදී ගොවීන්ගේ වී අස්වනු මිලදී ගැනීමේ අවශ්‍යතාව හේතුවෙන් ඉන් කොටසක් පෞද්ගලික අංශයට විකිණීමට තීරණය කෙරිණ.
ඒ අනුව නඩු වී කිලෝවක් රුපියල් 40ටත් සම්බා කිලොවක් රුපියල් 52 කටත් අලෙවි කිරීමට රජය තීරණය කළේ ය.
ව්‍යාපාරිකයින් වී මිලදී ගැනීමට ඉදිරිපත් නොවන බැවින් ඒ සහා විකල්ප ක්‍රමවේදයක් යෙදීමට සිදුවන බව ද සභාපතිවරයා ප්‍රකාශ කළේ ය.
මිල පහත හෙළීම, අපනයනය කිරීම වැනි කරුණු කෙරෙහි අවධානය යොමුකර ඇති බව ද සභාපතිවරයා සඳහන් කළේ ය.
Related