ජනපති - මහ ඇමතිවරු හමුවෙයි
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ පළාත් ප්‍රධාන අමාත්‍යවරුන් අතර විශේෂ සාකච්ඡාවක් අද (07) පෙරවරුවේ පාර්ලිමේන්තු සංකීර්ණයේදී පැවැත්විම...

https://www.sathhanda.com/2015/12/blog-post_24.html
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ පළාත් ප්‍රධාන අමාත්‍යවරුන් අතර විශේෂ සාකච්ඡාවක් අද (07) පෙරවරුවේ පාර්ලිමේන්තු සංකීර්ණයේදී පැවැත්විමට නියමිතව තිබේ.
මෙවර අයවැය මගින් පළාත් සභාවල වැය ශිර්ෂය පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යංශය යටතට පත් කර තිබීම පිළිබඳව විරෝධය පළ කරමින් මෙහිදී ජනාධිපතිවරයා වෙත සංදේශයක් බාරදීමට පළාත් ප්‍රධාන අමාත්‍යවරුන් සැලසුම් කර තිබේ.
පළාත් සභාවල වැය ශීර්ෂය යටතේ මුදල් ලබාදීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා පනතට හා පළාත් සභා පනතට එකඟ බව උතුරු මැද පළාත් ප්‍රධාන අමාත්‍ය පේෂල ජයරත්න පැවසී ය.
ඒ අනුව අයවැය යටතේ දැනට සිදුකර තිබෙන වෙනස්කම් ඉවත්කර මෙතෙක් කාලයක් සිදුකළ අයුරින්ම ඒ කටයුත්ත සිදුකරන ලෙස ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටින බවත්, සියලුම පළාත් ප්‍රධාන අමාත්‍යවරුන් මෙම තීරණයේදී එක්ව කටයුතු කරන බවත් හෙතෙම වැඩිදුරටත් සඳහන් කළේය.
Related