FCID විසින් නාලක ගොඩහේවා අත්අඩංගුවට ගනී
සුරැකුම්පත් හා විනිමය කොමිසමේ හිටපු සභාපති ආචාර්ය නාලක ගොඩහේවා මීට සුළු මොහොතකට පෙර අත්අඩංගුවට ගෙන තිබේ. ඔහු සභාපතිව සිටි සමයේදී තාරු...

https://www.sathhanda.com/2015/12/fcid.html
ඔහු සභාපතිව සිටි සමයේදී තාරුණ්‍යයට හෙටක් සංවිධානයට රුපියල් ලක්ෂ 50ක මුදලක් ලබාදීම සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා අද (07) පෙරවරුවේ පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසයට කැඳවා තිබුණි.
අදාළ ප්‍රකාශය ගැනීමට නාලක ගොඩහේවා මහතාට පසුගිය පෙරේදා (05) මූල්‍ය අපරාධ කොට්ඨාසයට පැමිණෙන ලෙස දැනුම්දීමක් කර තිබුණත් ඔහු එදින නොපැමිණි අතර පසුව අද දක්වා කල් ලබාගෙන තිබුණි.
ඒ අනූව ඔහු අද මූල්‍ය අපරාධ කොට්ඨාසයට පැමිණි අවස්ථාවේදී ප්‍රශ්න කිරීමෙන් පසුව අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරි රුවන් ගුණසේකර පැවසී ය.
Related