ඉලෙක්ට්‍රික් කාර් මිල අඩු කරන්නේ නෑ
විද්‍යුත් මෝටර්රථ (ඉලෙක්ට්‍රික් කාර්) සම්බන්ධයෙන් වැඩි කළ බදු කිසිසේත්ම වෙනස් නොකරන බව මුදල් අමාත්‍ය රවි කරුණානායක අද (07දා) පාර්ලිමේන්තු...

https://www.sathhanda.com/2015/12/blog-post_29.html
විද්‍යුත් මෝටර්රථ (ඉලෙක්ට්‍රික් කාර්) සම්බන්ධයෙන් වැඩි කළ බදු කිසිසේත්ම වෙනස් නොකරන බව මුදල් අමාත්‍ය රවි කරුණානායක අද (07දා) පාර්ලිමේන්තු සංකීර්ණයේ පැවති මාධ්‍ය හමුවකදී පැවසීය. මෙවර අයවැයේදී වාහන සම්බන්ධ තීන්දු තීරණ ගනු ලැබුවේ වාහන ආනයනකරුවන් සමග සාකච්ඡා කිරීමෙන් පසුව, ඔවුන්ගේ අදහස් අනුව බවද අමාත්‍යවරයා සඳහන් කළේය. මීට පෙර මසකට විද්‍යුත් මෝටර් රථ 08 පමණක් මෙරටට ගෙන්වූ බවත්, එම ප්‍රමාණය ඉහළ යාමට ප්‍රථම ඒ සම්බන්ධයෙන් විධිමත් ක්‍රියාමාර්ගයක් ගත් බවත් හෙතෙම ප්‍රකාශ කළේය.
එමෙන්ම පළාත් සභා වෙනුවෙන් මෙවර මුදල් වෙන්කර ඇත්තේ නීත්‍යනුකූලව බවත්, පසුගිය වසර 10 තුළ සිදුවූ වරද මෙවර අයවැයෙන් නිවැරදි කර ඇති බවත් අමාත්‍යවරයා ප්‍රකාශ කළේය. පළාත් සභා වෙනුවෙන් මෙවර බිලියන 163 ක මුදලක් වෙන්කර ඇති අතර, ඒ සියල්ල ව්‍යවස්ථානුකූලව පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යවරයා යටතේ ලබාගත හැකි බවද රවි කරුණානායක පැවසීය.
Related