අයවැය නිසා බැංකු බංකොලොත් වෙයි.. සේවයකයන් මහ පාරේ?
මෙවර අයවැය මගින් යෝජනා කර ඇති ලීසිං ණය පහසුකම් ලබාදීම අත්හිටුවීම, රන් භාණ්ඩ උකස් කිරීමේදී සීමා පැනවීම, ලක්ෂ 10කට වැඩි මුදලක් බැංකුවලි...

https://www.sathhanda.com/2015/12/blog-post_42.html
මෙවර අයවැය මගින් යෝජනා කර ඇති ලීසිං ණය පහසුකම් ලබාදීම අත්හිටුවීම, රන් භාණ්ඩ උකස් කිරීමේදී සීමා පැනවීම, ලක්ෂ 10කට වැඩි මුදලක් බැංකුවලින් ආපසු ගැනීමේදී 2%ක් අයකිරීම ආදී යෝජනා නිසා මෙරට සමස්ත බැංකු පද්ධතියම කඩා වැටෙන සමස්ත ලංකා බැංකු සේවක සංගමය පවසයි.
වහාම මෙම යෝජනා අවලංගු නොකලහොත් දැඩි වෘත්තීය ක‍්‍රියාමාර්ග ගන්නා බවද පවසන එම සංගමය ලීසිං ණය පහසුකම් ලබාදීම තුළින් ලංකා බැංකුව, ජාතික ඉතිරි කිරීමේ බැංකුව, මහජන බැංකුව, ප‍්‍රාදේශීය සංවර්ධන බැංකුව හා පෞද්ගලික බැංකු 04 ක් සැලකිය යුතු ආදායමක් ලැබූ බවත්, මෙම ආදායම අහිමි වුවහොත් එහි විශාලතම පාඩුව මහජන බැංකුවට සිදුවන බවත් එම කියා සිටියේය.
ලක්ෂ 10කට වැඩි මුදල් ආපසු ගැනීමේදී 2%ක් මුදලක් අයකිරීමට තීරණය කිරීම නිසා බැංකුවල මුදල් තැන්පත්කරැවන් අධෛර්යයට පත්ව බැංකුවල ආදායම අඩුවී යන බවත් සංගමය වැඩිදුරටත් කියා සිටී.
Related