හදිස්සි වෙන්නෙපා - මහේල

තහනම් උත්තේජක චෝදනා එල්ල වී සිටින ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක කුසල් ජනිත් පෙරේරා සම්බන්ධයෙන් හදිසි නොවී සිටින ලෙස හිටපු ක්‍රිකට් නායක මහේ...

තහනම් උත්තේජක චෝදනා එල්ල වී සිටින ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක කුසල් ජනිත් පෙරේරා සම්බන්ධයෙන් හදිසි නොවී සිටින ලෙස හිටපු ක්‍රිකට් නායක මහේල ජයවර්ධන ඉල්ලා සිටියි.

ට්විටර් පණිවුඩයක් මගින් මහේල පවසා ඇත්තේ බී පරික්ෂාවත් ඉන්පසුව මෙය සිදුවූයේ කෙසේද යන්න පිළිබඳව හේතුදැක්වීම ලබාදෙන තෙක් බලාසිටිය යුතු බවයි.

එම ට්විටර් පණිවුඩය පහත දැක්වේ.

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට දැනුම් දී ඇත්තේ ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර ඉකුත් දා පැවති තරගාවලියේදී කුසල් පෙරේරාගෙන් ලබාගත් රුධිර සාම්පලයක තහනම් උත්තේජකයක් අඩංගු වී ඇති බවට පරීක්ෂණවලින් තහවුරු වී ඇති බවයි.

ඒ අනුව එළැඹෙන නවසීලන්ත තරගාවලියෙන් කුසල් පෙරේරා ව ඉවත් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර තිබේ.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 3758299968555854585

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item