මිනුවන්ගොඩ රිය අනතුරේ බස් රියදුරුන්ට වැඩ වරදින ලකුණු
දැඩි අවධානයකට යොමු වූ මිනුවන්ගොඩ යාගොඩමුල්ල ප‍්‍රදේශයේ සිදු වූ රිය අනතුරට සම්බන්ධ බස් රථවල රියැදුරන්ට චෝදනා ගොනු කිරීමට පොලීසිය සූදානම් ව...

https://www.sathhanda.com/2015/12/blog-post_58.html
දැඩි අවධානයකට යොමු වූ මිනුවන්ගොඩ යාගොඩමුල්ල ප‍්‍රදේශයේ සිදු වූ රිය අනතුරට සම්බන්ධ බස් රථවල රියැදුරන්ට චෝදනා ගොනු කිරීමට පොලීසිය සූදානම් වනවා. එ්, අපරීක්ෂාකාරීව රිය පැදවීම, තුවාල සිදු කිරීම යන චෝදනා පදනම් කර ගනිමින්.
අනතුර සිදු වුණේ ජනාධිපති ආරක්ෂක අංශයේ නිලධාරීන් රැගත් ඩිෆෙන්ඩර් රථයක් බස් රථය ගැටීමෙන්. එහිදී ආරක්ෂක අංශ සාමාජිකයින් පස්දෙනෙකු ජීවිතක්ෂයට පත් වූ අතර තවත් හයදෙනෙකු තුවාල ලැබුවා.
අනතුර සිදු වුණේ අදාළ ඩිෆෙන්ඩර් රථය වංගුවක් ආශි‍්‍රත ප‍්‍රදේශයකදී බස් රථයක් පසුකර යාමට උත්සහ දරූ අවස්ථාවේදීයි. එහිදී ඩිෆෙන්ඩර් රථය ඉදිරියෙන් පැමිණි තවත් බස් රථයක ගැටුනා. චෝදනා ගොනු කිරීමට නියමිතව ඇත්තේ ඉදිරියෙන් පැමිණි බස් රථයේ රියැදුරාට එරෙහිවයි.
සිද්ධිය සම්බන්ධයෙන් බස් රථයේ රියැදුරන් දෙදෙනාම අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේ ඇප මත මුදාහැරීමටයි තීරණය කෙරුණේ.
එහිදී ඔවුන්ගේ රියැදුරු බලපත‍්‍රද තාවකාලිකව අත්හිටුවනු ලැබුවා. කෙසේ වෙතත් මෙතෙක් ඔවුන්ට රියැදුරු බලපත‍්‍ර යළි ලබාදී නොමැති බවද වාර්තා වේ.
Related