ඇඟලුම් කම්හලේ සේවය නිමවී නිවසට එමින් සිටි තරුණියට අතවර කර මරා දමලා
මහියංගන ඇඟලුම් ආයතනයක සේවය නිමවී නිවෙස බලා යමින් සිටි 18 හැවිරිදි තරුණියක රිදීමාලියද්ද, අලුකැටියාව ප්‍රදේශයේ ලඳු කැලයකට රැගෙන ගොස් අතවර කර...

https://www.sathhanda.com/2015/12/blog-post_61.html
මෙසේ අතවර කර මරා දමා ඇත්තේ වේවත්ත, කන්නල්කුඹුර, අංක 08 නිවසේ පදිංචිව සිටි බස්‌නායක මුදියන්සේලාගේ රම්‍යා විදර්ශනී අබේවර්ධන නමැති තරුණියකි.
රිදීමාලියද්ද ප්‍රාදේශීය ලේකම් කොට්‌ඨාසයේ කුරාලේ වෙල වසමේ අලුකැටියාව තේක්‌ක ගොවි වන වගාව තුළ මෙම තරුණිය මරා දමා සිටියදී ඊයේ (02 දා) උදැසන ගම්වාසීන් විසින් සොයාගෙන ඇත.
මීට මාස 3 කට පෙර සිට ඇය රිදීමාලියද්ද, අලුකැටියාව ප්‍රදේශයේ තම මවගේ සහෝදරයාගේ නිවසට පැමිණ ඇති අතර එහි සිට ඇඟලුම් කම්හලේ සේවයට ගොස් ඇත. පෙරේදා ඇඟලුම් කම්හලේ සේවය නිමවී ඇය සවස නිවසට නොපැමිණීම හේතුවෙන් නිවෙස් හිමියන් හා ගම්වාසීන් ප්‍රදේශය පුරා රම්‍යා සොයා තිබේ. මාමාගේ නිවසට ආසන්න කැලෑවක් අසල ඇයගේ ජංගම දුරකථනය හා කුඩය වැටී තිබෙනු දැක ඒ සම්බන්ධයෙන් මහියංගන පොලිසිය දැනුවත් කර ඇත. ඇය සොයා රාත්‍රියේ මෙහෙයුම් සිදු කළද සොයා ගැනීමට නොහැකි වී ඇත.
මහියංගන සහකාර පොලිස් අධිකාරී උජිත් ලියනගේ ප්‍රමුඛ මහියංගන පොලිස් ස්‌ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්‌ෂක තිස්‌ස කුමාර අපරාධ අංශයේ ස්‌ථානාධිපති ඒ. එම්. ජයතිලක ඇතුළු මහියංගන පොලිසියේ නිලධාරීහු සිද්ධිය සම්බන්ධයෙන් පරීක්‌ෂණ කටයුතු සිදුකරති. මෙම අපරාධය සම්බන්ධයෙන් මේ වනතුරු සැකකරුවකු අත්අඩංගුවට ගැනීමට හැකිවී නැත.
Related