අයවැය යෝජනාවට එරෙහිව සමාගම් ලියාපදිංචිය අවලංගු කරති
මුදල් ඇමැති වරයා විසින් 2016 අයවැය යෝජනා මගින් සමාගම් ලියාපදිංචි කිරීමේ ගාස්‌තු ඉහළ දැමීම සහ ලියාපදිංචි ස්‌ථානවල බලපත්‍ර අලුත් කිරීම සඳහා ව...

https://www.sathhanda.com/2015/12/blog-post_752.html
ජනවාරි 1 දායින් පසු සමාගම්වල ලියාපදිංචිය අවලංගුකරන්නේ නම් ඒ සඳහා රුපියල් 2,50,000 ක ගාස්‌තුවක්‌ද ගෙවිය යුතු බව අයවැය යෝජනාවල සඳහන් කොට තිබීම නිසා ඊට පෙර ගාස්‌තුවකින් තොරව සිය සමාගම් ලියාපදිංචිය අවලංගු කර ගැනීම සඳහා පැමිණෙන සමාගම් හිමියන්ගෙන් මේ දිනවල සමාගම් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව පිරී ඉතිරී ගොස් තිබේ.
මෙම අයවැය යෝජනා මගින් සුළු හා මධ්‍ය පරිමාණ සමාගම් දහස් ගණනකට පහර වැදී ඇති බවත් වාර්ෂිකව මෙම බලපත්‍ර අලුත් කිරීමේ ගාස්‌තුව තමන්ට දරන්නට බැරිබවත් සමාගම් මැඳුරේදී හමුවූ සමාගම් හිමියෝ කිහිප දෙනෙක් පැවැසූහ.
“මේක කුඩා සමාගම් වහලා මහා පරිමාණ සමාගම්වලට ඉඩ සැලැසීමේ උත්සාහයක්” යයි තම අනන්‍යතාව හෙළිකිරීමට අකමැති වූ එක් සමාගම් හිමියෙක් කීය.
මේ පිළිබඳව සමාගම් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියෙකුගෙන් විමසූ විට සමාගම්වල ලියාපදිංචිය අවලංගු කර ගැනීම සඳහා මේ දිනවල විශාල පිරිසක් පැමිණෙන බව ඔහුද පැවැසීය.
අයෑදුම් පත් විශාල ප්‍රමාණයක් ලැබීම නිසා අපිට සමාගම් ලියාපදිංචිය අවලංගු කිරීම ඉක්‌මනින් කරන්නට අමාරුයි. ඒ නිසා ලැබෙන අයදුම්පත් අපි බාරගන්නවා. අවලංගු කිරීම පසුව සිදුකරනවා යෑයි”ද ඔහු සඳහන් කළේය.
Related