මහා පරිමාණ වකුගඩු ජාවාරමක්

ශී‍්‍ර ලංකාව කේන්‍ද්‍රකර ගනිමින් සිදුවන මහා පරිමාණ වකුගඩු ජාවාරමක් සම්බන්ධයෙන් ඉන්දීය මාධ්‍ය අද (06) තොරතුරු වාර්තා කළා. ඒ මහාරාෂ්ඨ ප‍්‍ර...

ශී‍්‍ර ලංකාව කේන්‍ද්‍රකර ගනිමින් සිදුවන මහා පරිමාණ වකුගඩු ජාවාරමක් සම්බන්ධයෙන් ඉන්දීය මාධ්‍ය අද (06) තොරතුරු වාර්තා කළා.

ඒ මහාරාෂ්ඨ ප‍්‍රාන්තයේ පුද්ගලයෙකු ඉන්දීය පොලීසියට කරන ලද පැමිණිල්ලක් පදනම් කර ගනිමින්. මෙම ජාවාරමට සම්බන්ධ බව කියන පුද්ගලයෙකු ඉන්දීය පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඉන්දියාවේ මහාරාෂ්ඨ ප‍්‍රාන්තයේ ජීවත් වන අඩු ආදායම්ලාභි පුද්ගලයන් ශී‍්‍ර ලංකාවට රැගෙනවිත් ඔවුන්ගේ වකුගඩු මුදලට ලබා ගන්නා බවයි අදාළ පැමිණිල්ලේ සදහන් වන්නේ.

පැමිණිල්ල සිදුකළ පුද්ගලයාද එලෙස මුදලට සිය වකුගඩුවක් අළෙවි කර තිබෙනවා. කෙසේවෙතත් පොරොන්දු වූ මුදල තමන්ට නොලැබුණු නිසා ඒ සම්බන්ධයෙන් ඔහු පොලීසියට පැමිණිලි කර ඇති බවයි ඉන්දිය මාධ්‍ය වාර්තාවල දැක්වෙන්නේ.

මෙම ජාවාරමට සම්බන්ධ තවත් ඉන්දීය ජාතිකයන් පස් දෙනෙකු අත්අඩංගුවට ගැනීම සදහා විමර්ශන කි‍්‍රයාත්මකයි.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 5277947765471689404

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item