සරත් ෆොන්සේකාත් ඇවන්ට්ගාඩ් එකෙන් සල්ලි යාන වාහන අරන්
සරත් ෆොන්සේකා ඇවන්ට්ගාඩ් සමාගමට චෝදනා එල්ල කළද ඔහුත් ඇවන්ට්ගාඩ් වලින් රු මිලියන පනස් ගණනක් හා ජිප් දෙකක් ලබා ගෙන ඇතැයි ඇවන්ට්ගාඩ් රැකියා...

https://www.sathhanda.com/2015/12/blog-post_13.html
ඇවන්ට්ගාඩ් සමාගමට චෝදනා එල්ල කළද ඔහුත් ඇවන්ට්ගාඩ් වලින් රු මිලියන පනස් ගණනක් හා ජිප් දෙකක් ලබා ගෙන ඇතැයි ඇවන්ට්ගාඩ් රැකියා අහිමි වූවන්ගේ සංගමයේ කැඳවුම්කරු කමල් ගමගේ පවසයි. ඇවන්ට්ගාඩ් රැකියා අහිමි වූවන්ගේ සංගමයේ වාර්ෂික සුහදහමුව අද (04) විහාර මහදේවි එළිමහන් රංග පීඨයේදී පැවැත්විණ. එහිදී එම සංගමයේ නියෝජිතයින් තමන්ගේ රැකියා අහිමිවීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයා හා අගමැතිවරයා මැදිහත් වී විසඳුමක් ලබාදිය යුතු බව ඉල්ලීමක් කළේය.
ඇවන්ට්ගාඩ් සමාගම සම්බන්ධයෙන් කරුණු හරි හැටි නොදැන කතා කරමින් බොහෝ දෙනෙකු චෝදනා එල්ල කළ බවත්, මෙම ව්‍යාපාරයෙන් දැනට 6754 දෙනෙකුට රැකියා අහිමිවී ඇති බවත්, එහි කැඳවුම්කරු කමල් ගමගේ පැවසීය.
එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ඔහු ඇවන්ට්ගාඩ් සමාගමෙන් ලාබ ප්‍රයෝජන ගත් පුද්ගලයින් සම්බන්ධයෙන් ද අදහස් පළ කළේය. සරත් ෆොන්සේකා මහතාගේ පෞද්ගලික සහකාර විශ්‍රාමික කර්නල් කපිල රත්නායක ඇවන්ට්ගාඩ් සමාගමේ සභාපති නිශ්ශංක සේනාධිපති සමග දුරකථන සබඳතා පවත්වමින් ආධාර උපකාර ලබාගත් බව හෙතෙම පැවසීය.
ඔහුට ඇවන්ට්ගාඩ් සමාගමෙන් මාසයකට රුපියල් ලක්ෂ 15 බැගින් වැටුප් ගෙවා ඇති බවද එහිදී ඔහු අනාවරණය කළේය. ෆොන්සේකා මහතාගේ කාර්යාලයේ කුලිය ගෙවීමට මුදල් ද, වාහනයක් ද ඉල්ලා ඔහුගේ පෞද්ගලික සහකාර විශ්‍රාමික කර්නල් කපිල රත්නායක විසින් එවන ලද බව කියන එස්.එම්.එස් පණිවිඩ ඇතුළත් කර මුද්‍රණය කළ පත්‍රිකාද, හඬ පට කිහිපයක්ද මෙහිදී මාධ්‍ය ආයතන වෙත ලබාදීමට එම සංගමය කටයුතු කරන ලදී.
එසේම ඇවන්ට්ගාඩ් සමාගමට චෝදනා කරන වත්මන් රාජිත සේනාරත්න අමාත්‍යවරයා ද ඔහුගේ පිරිසකට රැකියා ලබාදීමට කටයුතු කරන්නැයි ඉල්ලා එවන ලද ලිපිද සමාගම සතුව ඇතැයි හෙතෙම පැවසීය.
මාධ්‍ය හමුව ඇමතු ඇවන්ට්ගාඩ් සමාගමේ මෙහෙයුම් කළමනාකරු නිලුපුල් ද කොස්තා කියා සිටියේ ඇවන්ට්ගාඩ් සමාගම සම්බන්ධයෙන් අනුර කුමාර දිසානායක ද විවිධ ප්‍රකාශ කර ඇති බවයි.
එහි කරුණු හරි හැටි දැන කතා කිරීම සුදුසු බවත්, ඒ නිසා ඇවන්ට්ගාඩ් සමාගමෙන් සිදුවන්නේ කුමක්දැයි දැන ගැනීමට අනුර දිසානායක මහතාට හැකි නම් කාර්යාලයට පැමිණෙන ලෙසත්, ඒමට නොහැකි නම් නියෝජිතයෙකු හෝ එවන ලෙසත් ඒ ඉල්ලා සිටියේය.
මාධ්‍ය අමතා කතා කළ ඇවන්ට්ගාඩ් සමාගමේ වාණිජ කළමනාකරු නිලන්ත ජයවීර පැවසුවේ රණවිරුන්ගේ මාර්ගයෙන් ඉදිරියට පැමිණි කෙනෙක් ඇවන්ට්ගාඩ් හි සේවය කරන රණවිරුවන්ට අපහාස කර ඇති බවයි.
ඔහුගේම වචනවලින් කිවහොත් ඇවන්ට්ගාඩ් සමාගමේ වැඩ කරන්නේ සියයට 50ක් කලවැද්දෝ බවත්, එසේ වුවද අපි කලවැද්දන් නොව හමුදාවේ විශ්‍රාමිකයින් බවත්, හෙතෙම එහිදී කියා සිටියේය.
ඇවන්ට්ගාඩ් සමාගම මගින් විශ්‍රාමික හමුදා සෙබළුන්ට විශ්‍රාම ජීවිතය යහපත් ලෙස ගත කිරීමට අවශ්‍ය ශක්තිය ලබාදෙමින් වැටුපක් ලබා ගැනීමට හැකි වාතාවරණය සැකසූ බවද එසේ තිබියදී මෙම සමාගමෙන් වූ සේවය අගයනවාට වඩා එය විනාශ කරන තැනට පිරිසක් කටයුතු කළ බවද පෙන්වාදුන්නේය.
ඇවන්ට්ගාඩ් සමාගම සම්බන්ධයෙන් මාධ්‍යයවල පළවු වාර්තා සත්‍ය නැති බවත්, එම සමාගමේ කටයුතුවල ඇත්ත නැත්ත සොයා නොබලා කටයුතු කිරීමෙන් අසරණ වී ඇත්තේ රැකියා අහිමි වූ අප යැයි ද හෙතෙම පැවසීය.
එම සමාගම තුළ තවදුරටත් සේවකයින් හතලිස් ගණනක් හෝ රැකියා කරනු ඇතැයි විශ්වාස නොකරන බවත්, රැකියා අහිමි වූවන් සම්බන්ධයෙන් ජනපතිගේ හා අගමැතිගේ අවධානය යොමුවනු ඇතැයි අපේක්ෂා කරන බවත්, මෙහිදී ප්‍රකාශ විය.
වාර්ෂික සුහද හමුවට එක්වූ පිරිස අනතුරුව එහි දී නිහඬු විරෝධතාවයක ද නිරත විය. එහිදී මාධ්‍ය වෙත ලබාදුන් එස්.එම්.එස් පණිවුඩ ඇතුළත් කර මුද්‍රණය කරන ලද පත්‍රිකාව පහත පරිදිය.
Related