ජනපති අයවැයට චන්දෙ ඉල්ලයි - මන්ත්‍රීවරු මුණටම බෑ කියයි
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන්ගෙන් ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතා අද (02) විශේෂ ඉල්ලීමක් සිදු කළා. ඒ ජනාධිපති මෛත‍්‍රීපාල සිරි...

https://www.sathhanda.com/2015/12/blog-post_94.html
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන්ගෙන් ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතා අද (02) විශේෂ ඉල්ලීමක් සිදු කළා. ඒ ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතාගේ ප‍්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේදී ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරු සමග පැවැති විශේෂ සාකච්ඡාවේදීයි. මේ සඳහා මන්ත්‍රීවරුන් 33 දෙනෙකු සහභාගී වී සිටි අතර චමල් රාජපක්ෂ ඊට ඇතුළත් වුණා. එහිදී ජනාධිපතිවරයා මන්ත්‍රීවරුන්ට පවසා සිටියේ අයවැය සඳහා ඡන්දය භාවිතා කරන ලෙස හෝ ඡන්දය දීමෙන් වැළකී සිටින ලෙසයි.
මෙය නියෝගයක් නොව ඉල්ලීමක් බවද ජනාධිපතිවරයා සඳහන් කර තිබුණා. මෙහිදී අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන සඳහන් කර තිබුණේ මෙම අයවැය ආර්ථික විද්‍යානුකූලව නොගැලපෙන අයවැයක් බවයි. ඒ නිසාවෙන් තමන් අයවැයට විරුද්ධව ඡන්දය භාවිතා කරන බවද පවසා සිටියා. ජනාධිපතිවරයාගේ ඉල්ලීමට එකඟ විය නොහැකි බවයි ඊට එක් වූ ඩලස් අලහප්පෙරුම මන්ත්‍රීවරයාද සිය අදහස් දැක්වීමේදී පවසා සිටියේ. ගාමිණී ලොකුගේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයාද අයවැයට විරුද්ධව ඡන්දය භාවිතා කරන බව පවසා සිටියා. කෙසේවෙතත් යළිත් අදහස් දැක්වූ ජනාධිපතිවරයා පවසා සිටියේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කණ්ඩායම් දෙකක් ලෙස ඉදිරියට ගමන් කළ නොහැකි බවයි. ඒ හේතුවෙන් මසකට වරක්වත් හමු වී, තිබෙන ගැටලු පිළිබඳව සාකච්ඡා කළ යුතු බව සඳහන් කර සිටියා. අධ්‍යාපනය පිළිබඳව අයවැය තුළ සඳහන් වෙන කරුණු සම්බන්ධයෙන්ද මෙහිදී දිගින් දිගටම අදහස් හුවමාරු වුණා.
Related