තජුඩන් ඝාතන වීඩියෝ තාම හමු වී නෑ - රාජිතගේ කෙබර අතේ පත්තු වෙයි.
ප්‍රසිද්ධ රගර් ක්‍රීඩක මොහොමඩ් වසීම් තාජුඩීන් මහතාට කෲර වධ හිංසා පමුණුවා අභිරහස් අන්දමින් ඝාතනය කිරීමේ සිද්ධියට අදාළ වීඩියෝපට කීපයක් පර...

https://www.sathhanda.com/2015/12/blog-post_98.html
ප්‍රසිද්ධ රගර් ක්‍රීඩක මොහොමඩ් වසීම් තාජුඩීන් මහතාට කෲර වධ හිංසා පමුණුවා අභිරහස් අන්දමින් ඝාතනය කිරීමේ සිද්ධියට අදාළ වීඩියෝපට කීපයක් පරීක්‍ෂා කිරීම සඳහා මොරටුව විශ්වවිද්‍යාලය වෙත භාරදී ඇති බව පොලිස් මූලස්‌ථාන ආරංචි මාර්ග පවසයි.
2012 වර්ෂයේදී සිදුවූ තාජුඩීන් මහතාගේ ඝාතනය සහ ඔහු පැහැරගෙන යැමේ සිදුවීම්වලට අදාළ සීසීටීවී වීඩියෝ පට මකා දමා ඇති බව පරීක්‍ෂණවලින් හෙළිවී ඇත.
එසේ මකා දමන ලද සීසීටීවී වීඩියෝ දර්ශන නැවත ලබා ගැනීමට පොලිසිය මොරටු විශ්වවිද්‍යාලයේ සහාය ලබා ගනිමින් සිටී. මෙම ඝාතනය සිදුවීමෙන් වසර 3 කට පසු නව රජය බලයට පත්වී 2015 වර්ෂයේ මාර්තු මාසයේදී මෙම පරීක්‍ෂණ කටයුතු නැවත ආරම්භ කරනු ලැබීය.
කොළඹ නගරයේ ප්‍රසිද්ධ ස්‌ථානවල සවිකර ඇති සීසීටීවී කැමරා දර්ශන වසර තුනක කාලයක් තබාගෙන නොසිටින අතර ඒවා කෙටි කාලසීමාවක් තුළදී මකා දමන බවද පොලිස් මූලස්‌ථානය කියා සිටියි.
මෙයත් යහපාලන පොලිසිය පවසුවක් වන අතර පසුගිය දා තුප්පහි පච පරාජිත සේනාරත්න කටමැත දොඩ වුයේ එම වීඩියෝ දර්ශන ඔහුගේ කොට්ටය යට තිබෙන්නාක් මෙනි. මන්ද බුද්ධික ශ්‍රී ලාංකිකයන් වෙසෙනකන් මෙවන් ඕපපාතිකයන් ශ්‍රී ලංකාවේ දොඩවනු ඇත. ශ්‍රී ලංකාවට කෙලවනු ඇත.
Related